Image

වත්මන් දේශපාලනයේ විනෝදය මිස අන් යමක් පවතී ද...? - Ideas front වීඩියෝවක්

වත්මන් දේශපාලනයේ විනෝදය මිස අන් යමක් පවතී ද...? - Ideas front වීඩියෝවක්

අපි ජීවත්වන මේ සමයේ දේශපාලනය කරකැවෙන්නේ විනෝදය වටා බවත් එහි මධ්‍යයේ පවතින්නේ විනෝදය මිස අර්ථවත් යමක් නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පවතින SLIDA ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වසර එකහමාරකින් පත් කර නැති බවයි.

ලංකාවේ පළමු අමාත්‍යංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය බවත්, එම අමාත්‍යංශය නිසායාකවරව පවත්වාගෙන යෑමට අසමත් ආණ්ඩුව පිලිබඳ කුමන කතා දැයි ඔහු වැඩි දුරටත් පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න