ආබාධිතයින් ගේ පහසුව පිණිස යැයි පවසමින් ආරම්භ කළ පතු පහළ බස් සේවාව ප්‍රදර්ශනකාමී වැඩක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එංගලන්තයේ මෙම සේවාව ආරම්භ කරන්නට පෙර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සපයා එය ආරම්භ කළ ද අපේ රටේ එබඳු පෙර සූදානමක් හෝ යටිතල පහසුකම් කිසිවක් ම නොමැතිව මෙම සේවාව අරඹා ඇතැයි විපුල වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

