සඳගෝමී කෝපරහේවා-වංගීස සුමනසේකර භාෂාවාදය ගැන

සඳගෝමී කෝපරහේවා-වංගීස සුමනසේකර භාෂාවාදය ගැන

සිංහල භාෂාවට අදාළව භාෂා ප්‍රමිතිකරණය පිළිබඳ ගැටලුව සාමාන්‍යයෙන් අදාළ වන්නේ සිංහලයෙහි ලියන භාෂාව සම්බන්ධයෙන් පමණයි.

මෙම සංවාදයේ දී මහාචාර්ය Sandagomi Coperahewa මුලින්ම ඉදිරිපත් කළ අදහස වුයේ ලියන භාෂාවට අදාළ ප්‍රමිතිකරණයේ වැදගත්කම ගැන මිස කථාකරන භාෂාවේ පවතින හැම රූපාකාරයක් ම ප්‍රමිතිගත කිරීමක් ගැන නොවේ.

වාදය /වලිය පටන් ගත්තේ 1990 දශකය දක්වා ලියන භාෂාවේ ප්‍රමිතිය භාෂා බල ආධිපත්‍යයක් වශයෙන් පැවැති බවටත් 1990 පසු එම බල ආධිපත්‍යය රැඩිකල් ආකාරයකින් වෙනස් වූ බව වංගීස විසින් පැවසීමත් සමග ය.

Vangeesa Sumanasekara සිදුකළේ ඉතා සුළු කරුණක් විශාල කර පෙන්වීමක් මිස ඓතිහාසික වශයෙන් සිදුවු ප්‍රවණතා නිසිපරිදි සංක්ෂිප්ත කර දැක්වීම නොවේ. කෝපරහේවා එය පෙන්වා දෙන්නට උත්සාහ ගත්තද එයට ඉඩ ලැබුණේ නැත.

සුචරිත ගම්ලත් ගේ 'හඩු බස් වාදය'

මහාචාර්ය සුචරිත ගම්ලත් දීප්ති කුමාර ගුණරත්නට 'හඩු බසින්' ලියන්නෙකැයි නිග්‍රහ කළේ දීප්තිගේ පශ්චාත් මාක්ස්වාදී / පශ්චාත් නූතනවාදී අදහස්වලට එරෙහිව දේශපාලන ප්‍රතිචාරයක් එල්ල කිරීම වෙනුවට සිල්ලර සුළු අවියකින් දමා ගැසීමක් වශයෙන් බවයි මගේ වැටහීම.

දීප්ති කුමාර ගුණරත්න

මහාචාර්ය ගම්ලත් ඉදිරිපත් කළ 'හඩුබස්වාදය' සිංහල ලියන බසේ ප්‍රමිතිකරණ මිණුම් දණ්ඩ වශයෙන් කවදාවත් තිබුණේ නෑ. කිහිප දෙනෙක් (දිවයින කර්තෘ ගාමිණී සුමනසේකර වැනි) සුචරිත ගේ භාෂා රීතිය අනුගමනය කළත් වැඩිදෙනෙක් සුචරිතට වඩා සරල බස්වහරකින් ලියූ බව අපි දන්නවා. සංස්කෘත පද වැඩියෙන් යෙදු පණ්ඩිතමානී භාෂාවට එරෙහිව හෙළ හවුල සටන් කළත් හෙළ හවුල හඳුන්වාදුන් භාෂා පාරිශුද්ධවාදය රට පිළිගත්තෙ නෑ.

මාර්ටින් වික්‍රමසිංහ ගේ යථාර්ථවාදි අදහස්

මාර්ටින් වික්‍රමසිංහ වැනි යථාර්ථවාදීන් සංස්කෘත පද බහුල පණ්ඩිතමානි භාෂා ප්‍රමිතියට වගේම හෙළ හවුල ඉදිරිපත් කළ හඩුබස්වාදයට එරෙහි වෙමින් ඉතා සරල භාෂා රීති හඳුන්වා දුන්නා. වර්තමාන සිංහලයෙහි ලියන භාෂා ප්‍රමිතිය බොහෝවිට සැකසුණේ වික්‍රමසිංහ ඉදිරිපත් කළ යථාර්ථවාදී අදහස් සමගයි.

mrtin

රාජ්‍ය භාෂාවකට ප්‍රමිතියක් තිබිය යුතුයි. එවැනි ප්‍රමිතීන් කඩා බිඳ දැමීම ගැන අපට රැඩිකල් කතා ඕන තරම් කියන්න පුලුවන්. හොඳ ප්‍රමිතියක් හැදීමත් විප්ලවීය භාවිතාවක් බව වංගීසට වැටහෙන්නේ නැත්තේ ඇයි කියලා මට වැටහෙන්නේ නෑ. මේ සංවාදයෙන් පසු සඳගෝමී කෝපරහේවාට කොතෙක් බැන වැදුනත් ඔහු ඉදිරිපත් කළ භාෂා ප්‍රමිතිකරණ අදහස අවලංගු වන්නේ නැති බව මගේ අදහසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න