වර්තමානයේ දී ශ්‍රී ලංකාවට අනුව ගීතයක අයිතිය කාගෙද ?

වර්තමානයේ දී ශ්‍රී ලංකාවට අනුව ගීතයක අයිතිය කාගෙද ?

ගීතයක් ජනගත වනුයේ හෝ පවතිනුයේ විශේෂයෙන්ම "ගායකයා" නිසා. උදාහරණයක් ලෙස "සිතින් මා නොසැලී" ගීතය කාගෙද කියලා ඇහුවොත්, අපි කියන්නෙ ඒක "T.M. ජයරත්නගෙ සි‍ංදුවක්" කියලා. ගායකයා තමයි ගීතය මිනිසුන් අතරට ගෙන යන්නෙ.

ගීතයකට, කටහඬ, තනුව, සංගීතය හා ගීපද යන සියල්ලම අතිශයින්ම වැදගත්. ගීතයක අයිතියක් ලැබේනම්, එම අයිතිය ගායකයා, ගීපද රචකයා හා ගී තනු නිර්මාණකරු - සංගීත අධ්‍යක්ෂවරයා යන තිදෙනාටම (හෝ හතරදෙනාට ම) අයිතිය ලැබිය යුතුයි. ගීතයක් සුන්දර වීමට ඉහත සියලු ම පාර්ශවයන් අත්‍යාවශ්‍යයි.

ගායකයා හෝ ගායිකාව වඩාත් වැදගත් වන්නේ ඇයි ?

කාලය නිසා. පද රචකයා, තණු නිර්මාණකරු හා සංගීත අධ්‍යක්ෂවරයා ගීතයක් බිහි කිරීමේ දී, අදාළ ගීතය වෙනුවෙන් එක් නිශ්චිත කාලවේලාවක් යොදවයි. නමුත් ගායකයා හෝ ගායිකාව තමාගේ මුළු ජීවිත කාලය තුළ දී ම විටින් විට අදාළ ගීතය ගායනා කරමින් කාලය වැයකරමින් ගීතය පවත්වා ගෙන යයි.

මීට අමතරව ගීත ගායනයට (performing) ඉදිරිපත් වීමේ දී ගායකයාට තමාගේ ඇඳුම් පැලඳුම්, පෙනුම සහ ගමනාගමනය වෙනුවෙන් පිරිවැයක් දැරීමට සිඳු වේ. එනම් ගීතය පවත්වා ගැනීමේ නඩත්තු වියදම් දරනුයේ ද ගායකයා හෝ ගායිකාව ය.

songor1

ගීතයේ අයිතිය නිෂ්පාදක පාර්ශ්වයට හිමි වන අවස්ථා

නමුත් ඉහත යම් පාර්ශවයක් (උදා: ගායකයා හෝ ගායිකාව ම නිෂ්දකයා හෝ නිෂ්පාදිකාව වන කළ, නැතහොත් ගීත රචකයා හෝ සංගීත අධ්‍යක්ෂවරයා මුදල් යෙදවූ නිෂ්පාදකයා වන කළ) හෝ වෙනත් නිෂ්පාදකවරයකු තමන් ගේ මුදල් වියදම් කර ගීතයක් නිපදවා, ඊට අමතරව වීඩියෝ දර්ශන සහ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ද වියදම් කර ගීතය ජනගත කර ඇති නම්, අයිතිය ගීතයේ නිෂ්පාදකවරයාට ය.

උදා:

චිත්‍රපට ගීතයක් වෙනුවෙන් ගායකයා, සංගීත අධ්‍යක්ෂවරයා සහ පද රචකයා වෙනුවෙන් සහ ගීතය නිනිෂ්පාදනය වෙනුවෙන් පිරිවැය යෙදවූ චිත්‍රපට නිෂ්පාදකවරයාට.

ගීතයේ සියලු වියදම් දැරුවේ ගායකයා නම්, අයිතිය ගායකයාට.

ගීතයේ සියලු වියදම් දැරුවේ සංගීත අධ්‍යක්ෂවරයා නම්, අයිතිය සංගීත අධ්‍යක්ෂවරයාට ලෙස ය.

film

ඊළඟ කාරණාව

ඉහත කිසිඳු පාර්ශවයක්, ගායකයාට හෝ ගායිකාවට අදාළ ගීතය ගායනය තහනම් නොකළ යුතුයි, ගීතය ඉදිරියට ගෙනයමින් ගීතය ගොඩ නංවනුයේ ගායකයා හෝ ගායිකාව නිසා.

දෙවන කාරණාව

තමාගේ ගායනයෙන් ලැබෙන ආදායමෙන් සුළු ප්‍රතිශතයක් ගීපද රචකයා හා සංගීත අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් වෙන් කිරීමට ගායකයාට හෝ ගායිකාවට බැරි ඇයි?

උදාහරණයක් ලෙස අපි හිතමු ගායකයා "සිතින් මා නොසැලී" ගීතය ගායනය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් (100000ක්) ලැබුණා කියලා. ඒකෙන් රුපියල් දෙදාහක් (2000ක්) අයින් කරන්න බැරිද ? පුළුවන් නේද ?

හිමිකම් කියන පාර්ශ්වය ද සැලකිය යුතු කරුණු

මෙතැනදී ගායකයා හෝ ගායිකාවට ගායන අවස්ථාවේ දී තමාගේ පෙනුම, ඇඳුම සහ ගමනාගමනය වෙනුවෙන් ලොකු මුදලක් වැය වෙනවා. සමහර වෙලාවට උත්සව සංවිධායකයා නියමිත මුදල ගායකයාට ගෙවනවා ද නැතිද යනාදී කාරණා ද සැලකිල්ලට ගත යුතුයි.

ඊලඟට, බොහෝවිට ඔරිජිනල් ගායකයාට වඩා විශාල මුදලක්, තමන්ගේ ම නොවන ගීත ගයන අලුත් ගායක ගායිකාවන් උපයා ගනී. ඔවුන් විසින් ඉහත සියලු ම අය වෙනුවෙන්, එනම් මුල් ගායකයා, ගීපද රචකයා, සංගීත අධ්‍යක්ෂවරයා වෙනුවෙන් තමා ගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් ලබා දෙන්නේ නම් මැනවි.

දැනට පවතින නීතිය

බුද්ධිමය පනත 00

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත

(Intellectual Property Act, No. 36 of 2003)

මෙම පනත යටතේ ගීතයක අයිතිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා දක්වයි:

කර්තෘ භාගය (Copyright): පද රචකයාට සහ තනු නිර්මාණකරුට හිමිවන අයිතිය.

සන්නද්ධ අයිතිවාසිකම් (Related Rights): ගායකයාට සහ වාදකයින්ට තමන්ගේ ගායනය හෝ වාදනය වෙනුවෙන් හිමිවන අයිතිය.

(ගායකයාට ගීතය ගායනා කිරීමට ඇති අයිතිය සහ ඒ හරහා ලැබෙන ගෞරවය මෙම පනතේ "සන්නද්ධ අයිතිවාසිකම්" යටතේ ආරක්ෂා කර ඇත.)

නිෂ්පාදක අයිතිය (Producer's Rights): ගීතය පටිගත කිරීම සඳහා වියදම් කළ පාර්ශවයට (ශබ්ද පටිගත කරන්නාට) හිමිවන අයිතිය.

එතකොට ගීතය නිර්මාණය කිරීමේ දී වාදනයෙන් සහාය වූ වාදකයන්ට මොකද වෙන්නෙ? ඔවුන් වෙහෙසී සංගීත අධ්‍යක්ෂකවරයෙක් වී මුදල් ඉපයිය යුතු නේද..?

(ගීතයක් නිර්මාණය වෙනුවෙන් දායක වූ සෑම පාර්ශවයක ගේ ම සාධාරණත්වය වෙනුවෙන් ලියූවකි.)

 

 

sanji

 

Sanji Weerasinghe

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න