ලොව පුරා ජනතාවගේ අපේක්ෂාව වන්නේ තම දේශපාලන නායකයින් අවංක ,ක්‍රියාශිලි සහ වගවීම දරන පුද්ගලයන් විය යුතු බවයි.
එහෙත්, මහජන විශ්වාසය දිනා ගැනීමට, ඔවුන්ගේ දේශපාලන ප්‍රතිරූපය වැඩි දියුණු කිරීමට හෝ මැතිවරණ අවශ්‍යතා සපුරාලීම සඳහා ව්‍යාජ හෝ නොමග යවන අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කළ රැවටිලිකාර දේශපාලනඥයින් රැසක් විවිධ රටවලින් වාර්තා වනවා. මෙමගින් දේශපාලනඥයින් විශ්වාශ කිරීමට ඔවුන් පසුපස යෑමට පෙර නැවත ප්‍රශ්න කිරීමට සිදුව තිබේ. එමෙන්ම පොදුවේ ආචාරාත්මක සහ විශ්වසනීයත්වය පිළිබඳ පුළුල් සංවාද සමාජය තුළ ඇතිවී තිබේ.
ලෝකයේ මෙවනි සිදුවීම් අතරින් වාර්තා තබා ඇත්තේ පකිස්ථානය යි. 2008 මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනකු ව්‍යාජ අධ්‍යයන සහතික ඉදිරිපත්කර තිබු බව හෙළි වීය. සමහර අය උසස් පෙළ සහතික පවා ව්‍යාජ ඒවා ඉදිරිපත්කර තිබුණි. පකිස්ථානයේ උසස් අධ්‍යාපන කොමිසමේ විමර්ශනවලින් පසුව එම මන්ත්‍රිවරුන්ගෙන් කිහිප දෙනකුට සිරගත වීමට සිදු විය. මැතිවරණයේ දී වැඩි වාසි ලබාගැනීම සඳහා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම මෙමගින් හෙළි විය.
ඉන්දියාව
ඉන්දියාවේ, හිටපු අධිකරණ අමාත්‍ය වරයකු වූ ජිතේන්දර් සිං තෝමාර් ද ඉදිරිපත්කර තිබුනේ හොර නීති උපාධියක් බව තහවුරු විමෙන් පසු ඉල්ලා අස් විය. ඔහුගේ සහතික වසර ගණනාවකට පෙර නිත්‍යනුකූල නොවූ ආයතනයකින් ලබා තිබු අතර එය මැතිවරණ නාමයෝජනා සදහා ඉදිරිපත් කර තිබුණි.

නයිජීරියාව
නයිජීරියාවේ ඉහළ පෙළේ සෙනෙට් සභික ඩිනෝ මෙලායි ද මෙවැනි සිදුවීමකට මුහුණ දුන් තවත් මතභේදාත්මක චරිතයකි. ඔහු හාවර්ඩ් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලින් උපාධි කිහිපයක් ලබා ඇති බවට සහතික ඉදිරිපත් කළ ද එම ආයතන ඔහුට පූර්ණ උපාධි ප්‍රදානයක් සිදු කර නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරිණ. මෙම සිදුවීම එරට දේශපාලනඥයින්ගේ අවංකභාවය පිළිබඳ පුළුල් ජාතික විවාදයකට හෙතුවී තිබුණි.

මෙක්සිකෝව සහ යුක්රේනය
මෙක්සිකෝවේ, දේශපාලනඥයෙකු වන ජේවියර් විලාකානා ජිමිනෙස් ඉදිරිපත් කර තිබූ නීති උපාධිය පිළිබද කිසිදු නිල වාර්තාවක නොමැති බව එරට මාධ්‍යවේදීන් සොයා ගැනීමෙන් පසු, පරීක්ෂාවට ලක් කිරිමෙන් ඉක්බිති එය ව්‍යාජ සහතිකයක් බව ඔප්පුවිය . යුක්රේනයේ ද මෙවැනිම සිදුවීම් වාර්තා වී ඇති අතර, එහිදී දේශපාලනඥයන් කිහිප දෙනෙකුට ව්‍යාජ ආචාර්ය උපාධි ඉදිරිපත් කිරීම සහ මිලදී ගෙන ඇතිබවට චෝදනා එල්ල විය.

පිලිපීනය
තවත් වඩාත් ප්‍රකට පුද්ගලයකු වූ පිලිපීනයේ, ජනාධිපති ෆර්ඩිනන්ඩ් “බොන්ග්බොන්ග්” මාකෝස් (ජූනියර්) ද මෙවැනි ම චෝදනා ලැබුවෙකි. තමාට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලත් උපාධියක් අති බවට කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් ලෙස විවේචනයට ලක් විය. ඔක්ස්ෆර්ඩ් පසුව පැහැදිලි කළේ ඔහුට ලබා දී තිබුණේ සම්පූර්ණ උපාධියක් නොව විශේෂ ඩිප්ලෝමාවක් පමණක් බවයි. එය මහජනතාව නොමග යැවීම පිළිබඳ චෝදනාවට හේතුවක් විය .

ජර්මනිය
ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයා වු කාල්-තියඩෝර් සූ ගුටන්බර්ග් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ තොරතුරු සොරකම් කරන ලද ඒවා බව හෙළි විය. බේරූත් විශ්වවිද්‍යාලය ඔහුගේ ආචාර්ය උපාධිය අවලංගු කළ අතර, ඔහු දේශපාලන භූමිකාවෙන් ද ඉල්ලා අස්විය.
ජර්මානු හිටපු අධ්‍යාපන අමාත්‍යවරිය ඇනට් ෂාවන්ට එල්ල වූයේත් ඇගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ දී තොරතුරු සොරකම් කිරීමේ චෝදනාවයි. "ක්‍රමානුකූල සහ කලින් සැලසුම් කළ" වංචාවක් හේතුවෙන් ඇගේ ආචාර්ය උපාධිය නිල වශයෙන් අවලංගු කරන ලදී.

ඉතාලිය
ඔස්කාර් ජියානිනෝ ඉතාලි දේශපාලනඥයෙක්. ඔහු ඉතාලියේ නීති උපාධියක් සහ චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ඇති බව කියා සිටිය ද, එම ප්‍රකාශ අසත්‍ය බව සොයා ගෙන තිබිණි. ඔහුටද ඉල්ලා අස්විමට සිදුවිය.

ඇමරිකාව සහ ඔස්ට්‍රේලියා
ඕනෑම රටක සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා විනිවිදභාවය සහ අවංකභාවය අත්‍යවශ්‍ය වේ. දේශපාලනඥයින් වගකිව යුත්තේ ඔවුන්ගේ ප්‍රතිපත්ති සඳහා පමණක් නොව, ඔවුන්ගේ පෞද්ගලික සත්‍යවාදී බව ද තහවුරු කළ යුතු ය . එබැවින් ව්‍යාජ සුදුසුකම් හෙළිදරව් කිරීම පුද්ගලික ප්‍රහාරයක් නොව යහපත් සමාජයක පැවැත්ම ආරක්ෂා කරන මහජන යුතුකමක් ලෙසයි දියුණු සමාජ සලකන්නේ.
(සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර)newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
