පුවත්

ග්‍රාමීය කෘෂි හා පශු නිෂ්පාදන ඉහළ නැංවීමට ජාත්‍යන්තර සහාය
දරිද්‍රතාවය අවම කිරීම, ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ස්වභාවික සම්පත් වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටින ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම (CGIAR ) සිය නිෂ්පාදන හවුල්කාරිත්වයේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් මේ වසරේ ශ්‍රී ලංකාව තුළ නව වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායමෙහි (CGIAR) විධායක කළමනාකාර අධ්‍යක්ෂ ඉස්මහානේ එලෝවාෆි මෙනෙවිය සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයෙහි ( IWMI) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාර්ක් ස්මිත් මහතා අතර හමුවක් අද (02) අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.
කෘෂිකාර්මික නිෂ්පාදන, ධීවර හා කුකුළු මස් නිෂ්පාදන වැඩි කිරීමෙන් ග්‍රාමීය ජනතාවගේ අපනයන ව්‍යාපාර මෙන්ම පෝෂණය ඉහළ නැංවීමේ නව ක්ෂේත්‍ර පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.
අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායමෙහි (CGIAR ) විධායක කළමනාකරණ අධ්‍යක්ෂ පැවසුවේ, ශීඝ්‍රයෙන් වෙනස් වන පසුබිමක් තුළ සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රවේශයන් විකල්පයක් නොවන අතර ඒ සඳහා නව ව්‍යාපාරික ප්‍රවේශයන්ගේ අදාළත්වය සහ බලපෑම වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිය අවධානය තවදුරටත් යොමු කරන බවයි. ඒ අනුව එම සංවිධාන දෙක ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සඳහා නව ක්‍රමවේදයක් යෝජනා කිරීමට නියමිතය.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෙන්යාවේ සහ ඉතියෝපියාවේ ජාත්‍යන්තර පශු සම්පත් පර්යේෂණ ආයතනය සමඟ එක්ව අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම (CGIAR) ඉතා සාර්ථක වැඩසටහනක් දියත් කර ඇති බවත්, එම රටවල සියලුම පාසල් දරුවන්ට ඔවුන්ගේ ආහාර වේල සමඟ දිනකට බිත්තරයක් මෙම සැලැස්ම යටතේ ලබා දෙන බවත් ඇය පැවසුවාය. එවැනි වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක කළ හැකි බව ඇය සඳහන් කළාය.
වසර ගණනාවක් පුරා ජලය, වාරිමාර්ග සහ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම ( CGIAR) වෙත ස්තුතිය පුද කළේය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයෙහි (IWMI) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සියොන් නියෝගි (Syon Niyogi )යන අය මෙම අවස්ථාවට සහභාගි වූහ.

සජබ බුද්ධි අංශ පොරටෝක් අස්සේ හිරුණිකා බොරු විදලා මාට්ටු !
සමගි ජනබල වේගය විසින් පවත්න ලද විරෝධතා පාගමනට පහර දෙන ලද සියලුම පොලිස් නිලධාරීන් තම පක්‍ෂයේ බුද්ධි අංශය විසින් මේ වන විට හඳුනාගෙන ඇතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
එම සියලු දෙනාටම එරෙහිව පෞද්ගලිකව මානව හිමිකම් නඩු පවරා අධිකරණයට ගෙන යන බවද ඇය සඳහන් කළාය.
හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
මේ ආකාරයේ ප්‍රහාරයක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට එල්ල කරන ලද්දේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ සජබ සතුව වෙනම බුද්ධි අංශයක් පැවතීම කෙසේ වෙතත් සජබ නායක නායිකාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බවය.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය පැවැත්වූ උද්ඝෝෂණයක් පාලනය කිරීමට පොලිස් මැදිහත්වීමක් සිදුකෙරුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නම් චන්ද්‍රිකා පාලන සමයේ එක්සත් ජාතික පක්ෂය දියත්කළ ජනබල මෙහෙයුම ට එල්ල කෙරුණු ප්‍රහාරය කුමක්ද යන්නත් ඔවුන් ප්‍රශ්න කරයි.
එසේම එදා පැවති ජනබල මෙහෙයුම ට සාපේක්ෂව සජබ උද්ඝෝෂණය ඉතාම ප්‍රාථමික බවද විචාරක මතය වී තිබේ.

විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි !
ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනාත්මක ප්‍රකාශ සිදුකළත් ඒ සියලූ ප්‍රකාශ පදනම් විරහිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසීය.
ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකි බවත්, රට සංවර්ධනය කරා ගෙන යාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීමට නම් විදේශ නිල සංචාර අතිශය වැදගත් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මෙසේ ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සංසදයේ සමුළුවට සහභාගි වුණා. එහිදී ව්‍යාපාරික ප්‍රජාව ද හමු වුණා. ලංකාව නැවත ගොඩනඟන ආකාරය සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සාකච්ඡා කලා. ලංකාවට ආයෝජකයින් කැඳවන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කලා.
ඒ වගේම උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේ පවතින බල කඳවුරු සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා සාකච්ඡා කලා. 2050 වසරේ දී ලෝක ආර්ථිකය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.
අනතුරුව G77 සහ චීනය සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී කාලගුණ විපර්යාස සහ වසංගත තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එම තත්ත්වයන් අප වැනි රටවල්වලට බලපාන ආකාරයත්, ඒ හමුවේ ආර්ථිකමය හසුරුවා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද විශේෂත්වයක් වුණා. හරිත ආර්ථිකයක් කරා යොමු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අදහස් හුවමාරු වුණා.
ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචන සිදුකළත් ඒ සියල්ල පදනම් විරහිත බව මගේ අදහසයි. මෙවැනි ජත්‍යන්තර සමුළුවලට සහභාගී වීමේ වාසිය නම්, අප සහ ලෝකය අතර සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකිවීමයි. ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකියි. රට සංවර්ධනය කරා ගෙනයාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීම ද අවශ්‍යයි. ඒ සඳහා විදේශ නිළ සංචාර අතිශය වැදගත් වනවා.
දේශපාලන නායකයන්ට පෞද්ගලික අංශයේ සිටින ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සමඟ කටයුතු කිරීම සහ සංවර්ධනය පිළිබඳව විශේෂ තීන්දු තීරණයන්ට එළඹීමට ද මෙමඟින් හැකියාව ලැබෙනවා.
එමෙන්ම නොබැඳි ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කිරීමට ද පසුගිය සංචාරයන් අපට ඉවහල් වුණා. යුක්රේන සහ මැද පෙරදිග යුද්ධ ආසියානු කලාපයට පැතිරීම වැළැක්වීමට ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් ද එහිදී විශේෂ සාච්ඡාවට බඳුන් වුණා. රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තත්ත්වයක් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සාමකාමී ලෝකයක් පවත්වා ගැනීමට මෙම සාකච්ඡාවන් ඉවහල් වූ බව ද සඳහන් කළ යුතුයි.
ඒ වගේම ආර්ථික සහ සාමාජීය වශයෙන් ගත යුතු පියවර පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ලංකාවට පැමිණෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් විදෙස් රාජ්‍ය නායකයින් වෙත ආරාධනා කළා.

ප්‍රාථමික ශ්‍රේණිවල සියලු දරුවන්ට රජයෙන් දිවා ආහාරය !
මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට ඒ වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110ක් දක්වා වැඩිකරමින් එළඹෙන මාර්තු මාසයේ සිට එම ප්‍රාථමික ශ්‍රේණිවල සියලු දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
එමෙන්ම 2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වනවිට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
විදේශීය භාෂා ඉගෙනීම සඳහා මේ වනවිට සිසුන් තුළ පවත්නා වැඩි නැඹුරුව සහ ගෝලීය ආර්ථික ප්‍රවණතාවන් ද මෙරට වත්මන් ආර්ථික ප්‍රමුඛතාවන් ද සැලකිල්ලට ගෙන දැනට පාසල් පද්ධතිය තුළ පවත්නා විදේශ භාෂා ඉගැන්වෙන පාසල් සංඛ්‍යාව පුළුල් කිරීමත්, භාෂා විද්‍යාගාර දැනට ක්‍රියාත්මක වන පාසල් වෙත නව විදේශ භාෂා හඳුන්වාදීමත් අරමුණු කරගනිමින් ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, හින්දි, ජර්මන් යන විෂයන් රජයේ පාසල් තුළ ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අදාළව ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව මෙම පත්වීම් ප්‍රදානය සිදුකරන ලදී.

නව මහකොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති !
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව මහකොමසාරිස්වරයෙකු සහ තානාපතිවරු තිදෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
එස්වාටිනි රාජධානිය සඳහා නව මහකොමසාරිස්වරයෙක් සහ රුමේනියාව, කිර්ගිස් ජනරජය සහ තුර්ක්මේනිස්ථානය සඳහා නව තානාපතිවරු මෙලෙස පත්ව සිටිති.
අද අක්ත පත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නම් පහත පරිදි වේ.
01- මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා - මහකොමසාරිස් - එස්වාටිනි රාජධානිය
Mr. Menzie Sipho Dlamini High Commissioner of the Kingdom of Eswatini)
02- ස්ටෙලුටා ආහයර් මහත්මිය - තානාපති - රුමේනියාව
Ms. Steluta Arhire Ambassador of Romania
03- අස්කාර් බෙෂිමෝව් මහතා - තානාපති - කිර්ගීස් ජනරජය
Mr. Askar Beshimov Ambassador of the Kyrgyz Republic
04- ශලාර් ගෙල්ඩිනසරොෆ් මහතා - තාතාපති - තුර්ක්මේනිස්ථානය
Mr. Shalar Geldynazarov Ambassador of Turkmenistan
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර අද පත්වීම් ලැබු නව මහකොමසාරිස්වරයා සහ තානාපතිවරු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ කෙටි සාකච්ඡාවකට ද එක් වූහ.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=1908#sigProId4b9ceaedb3

ඩීසල් වැඩි වුණාට බස් ගාස්තු වැඩි වෙන්නේ නෑ !
ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ශෂී වෙල්ගම පවසා ඇත්තේ ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බවයි.
බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දැමිමට නොහැකි බව ද බස් ගාස්තු ඉහළ දැමීමට නම් එම සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

අමරවීර ඉල්ලා අස්වුණත් තිලංග ඉල්ලා අස්වුනාද ? සැකයක් !
අමාත්‍ය මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මෙම ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී මහින්ද අමරවීර ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධූරයක් ලබාගැනීම පක්ෂයේ මතයට පටහැනි බවද පවසමින් ඔහුව ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සන්ධානයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ අතර එහිදී පුරප්පාඩු වූ මහ ලේකම් ධූරය සඳහා පත්කරනු ලැබුවේ තිලංග සුමතිපාලය.
ඊට එරෙහිව අමාත්‍ය මහින්ද අමරවීර නීති මාර්ගයට ගිය අතර ඒ පදනම් කරගෙන මැතිවරණ කොමිසම දැනුම්දී සිටියේ දෙදෙනාවම මහ ලේකම්වරු ලෙස පිළිනොගැනීම කොමිසමේ තීරණය බවයි.
මේ අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සහ ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යොදා ගන්නට ශ්‍රීලනිපය පසුගියදා තීන්දු කළත් මෙම නඩු කටයුත්ත ඊට බාධාවක්වී තිබේ.
ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදෙනාටම ඉල්ලා අස්වන ලෙස දැනුම්දී ඇත්තේ ඒ අනුවය.
මේ සම්බන්ධව එකඟතාව දක්වමින්අමාත්‍ය මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙදෙනා ඉල්ලා අස්වූ බවට දේශපාලන ආරන්චිමාර්හ දක්වා සිටියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත ජනවාරි 31 වැනිදා යනව ලද ලිපියේ මෙසේ දැක්වේ.
“එකී නීති කෘත්‍යය අධිකරණය ඉදිරියේ විවාදයට තුඩු දී ඇති කරුණක් බැවින් ගරු අධිකරණයේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි එකී පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට ඉහත අංක දරණ නඩුවේ මහින්ද අමරවීර මහතා හා අනෙකුත් වග උත්තරකාර පාර්ශ්වයන්ද එකඟ විය යුතුය.”
“ඉහතින් සඳහන් කරන ලද කරුණු වලට යටත්ව ගරු අධිකරණයේ අවසරය මත නීති කෘත්‍යය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වීමට මා කටයුතු කරන බව ඔබතුමා වෙත කාරුණිකව දැනුම් දෙමි.” යයිද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.
ඒ අනුව තවත් දේශපාලන තොරතුරු ලැබෙන මුලාශ්‍රයක් පවසන්නේ තිලංග සුමතිපාලගේ ඉල්ලා අස්වීම සඳහා කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත් අදාළ නඩු කටයුත්ත ඉල්ලා අස්කර ගැනීමට මහින්ද අමරවීර අමාත්‍යවරයා කටයුතු කළොත් පමණක් එම ඉල්ලා අස්වීම සිදුවනු ඇති බවත්ය.

ONLINE පනත ගැන මල්වතු නායක හිමියන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් !
දිගු කලක පටන් සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විවිධ අපහාස කිරීම් පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නා හිමි පවසති.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (01) මහා නායක හිමි බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේය.
කිසිදු පදනමකින් තොරව පසුගිය කාලයේදී තමන් වහන්සේට ද ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවද එහිදී උන්වහන්සේ පැවසුහ.
සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු නමුත් එසේම දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බවද වැඩිදුරටත් උන්වහන්සේ සඳහන් කළෝය.

හිමි නැති දීමනාවක් ඉල්ලා දියත්කල සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව !
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (01) උදෑසන 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේද සිදුකරන බව වාර්තා වෙයි.
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් වන අතර මේ හේතුවෙන් අද දිනයේ රෝහල් කටයුතු අඩපණව තිබිණ.
ඉන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවද කැඳවා තිබුණි.
වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ රජයෙන් තම ඉල්ලීම පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොමැති බැවින් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වුවත් වර්ජනය සඳහා නිමිත්ත කරගෙන තිබෙන ප්‍රවාහන පහසුකම් දීමනාව වර්ජනයේ නිරත සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කොහෙත්ම අදාළ නොවන්නක් වන අතර එය රජයේ මාණ්ඩලික නිලධාරීන්ට පමණක් හිමිවන දීමනාවකි.

ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි
පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කළේය.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කොට සංශෝධන සහිතව ජනවාරි 09 දින සම්මතවූ ජාතික ජලශාස්ත්‍රීය සහ ජනවාරි මස 10 වැනි දින සම්මතවූ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත් ද්විත්වයට ද මෙහිදී කථානායකවරයාගේ සහතිකය හිමිවිය.
ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 7 දරන ජාතික ජලශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ලෙස බලාත්මක වනු ඇත.

කෙහෙළිය CIDයට කැඳවයි : විදෙස් ගමන්ද තහනම්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හෙට හෙට පෙරවරු 9.00 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළා ය.
ඇය මෙම නියෝගය කළේ, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්තාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිට ජනරාල් ලක්මීණි ගිරිහාගම කළ ඉල්ලීම සලකා බලමින් ය.
ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැනුම් දී තිබියදී ඔහු ඒ සදහා නොපැමිණිමට ඉදිරිපත් කළ එක් හේතුවක් ද අසත්‍ය බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ සඳහන් කළා ය.
ඇය පෙන්වා දුන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රාජ්‍ය වියදම් කළමනාකරණ අමාත්‍ය අනුකමිටුවේ රැස්වීමට අමාත්‍යවරයා ඊයේ දිනයේ සහභාගී නොවූ බව එහි ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවයි.
කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් ද පැනවූ අතර හෙට උදෑසන 9.00 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කළා ය.

සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි
අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
ඔහු එලෙස කැඳවා තිබුනේ, සමාජ මාධ්‍ය මගින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සදහාය.
එම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිලධාරීන් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැය 4කට අධික කාලයක් සිදු කළ කරුණු දැක්වීම්වලදී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඇතුලු විවිධ ගැටලුවලට මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවයි.
සමාජ මාධ්‍ය සමාගම් ඔවුන්ගේ වේදිකාවල පළ කර ඇති කරුණු සඳහා ගිණුම්ගත කිරීම අරමුණු කරගත් නීති සම්පාදනය දැනට කොන්ග්‍රසය හරහා සිදුවෙමින් පවතී.
සමාජ මාධ්‍ය මගින් තම දරුවන්ට හානි කළ බව පවසන පවුල්වලින් එහිදී සකර්බර්ග් සමාව අයැද තිබේ. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පවත්වාගෙන යන සකර්බර්ග් අදාළ ශාලාවේ පවුල් දෙස හැරෙමින් මෙම සමාව ඉල්ලීම සිදු කර ඇත.

ඉන්ධන මිලේ සංශෝධනයක් !
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත්කර ඇත .
ඊට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371.00 කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363.00 කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 26.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262.00 කි.
මේ අතර 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 8.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456.00කි.
එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 7.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468.00 ක් වෙයි .

පාස්පෝට් එකත් ගණන් උස්සයි !
පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා ඇත.
මේ බව සඳහන් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබේ.

නිවාඩුවක් සඳහා යනවා නම් ලංකාව නියමයි : ඉන්දීය විදෙස් ඇමතිගෙන් සහතිකයක් !
ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසා ඇත.
වාර්තා වන ආකාරයට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාව සම්බන්ධයෙන් මෙම සහතිකය ලබාදී ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දියානු කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා එක්වූ අවස්ථාවේ ය.
එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ශ්‍රී ලංකාව සමග ඇති සමීපත්වය පිළිබඳව මෙන්ම ලංකාව පසුගිය සමයේ දුෂ්කර තත්ත්වයකට පත්වූ අවස්ථාවේ ඉන්දියාව දැක්වූ සහය සම්බන්ධයෙන් ද වැඩිදුරටත් අදහස් පළකර ඇති බවත් වාර්තා වෙයි .

ජනපතිගේ ව්‍යවස්ථාපිත කාර්‍ය භාරය අවහිර කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් - PMD නිවේදනයක් !
"ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බව අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇත .
"ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීම" යන ශීර්ෂය යටතේ අද (31) පස්වරුවේ නිකුත්කළ එම නිවේදනය පහත දැක්වෙයි .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා, විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව සහ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යභාරයට අනුකූලව පොලිස්පතිවරයා ඇතුළු රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටී.
එබැවින් ජනාධිපතිවරයාට කිසිඳු බාධාවකින් හෝ මැදිහත්වීමකින් තොරව ව්‍යවස්ථානුකූල රාජකාරි ඉටු කිරීමට සිදු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුවය.
ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ලබා දෙනු ලබයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.
කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. එබැවින් පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට පමණි.
ජනාධිපතිවරයා විසින් මෙම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කරනු ඇත.

මිලියන 2ක කරුමය අවසන් කරන උරුමය පෙබරවාරි 5 ඇරඹේ !
නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 05 වනදා දඹුල්ලේ දී පැවැත්වෙන බව බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.
එහිදී රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් 10,000කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රට තුළ තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහිකරන ඓතිහාසික වැඩසටහනක් ද මේ වන විටත් සැළසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙසේ ද පැවසීය.
මීට වසර දෙකකට පමණ පෙර රට තිබූ තත්ත්වය පිළිබද පළමුව සිතා බැලිය යුතුයි. එදා මේ රට අසාධ්‍ය රෝගියෙකු බඳු තත්ත්වයකට පත්ව තිබුණා. ඒ අවස්ථාවේ බහුතරයක් කල්පනා කළේ රෝගියා කියන ආකාරයට ප්‍රථිකාර කිරීමටයි. නමුත් එක පුද්ගලයෙක් රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කිරීම ආරම්භ කළා. රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කරන විට රෝගීන් සතුටු නොවෙන්න පුළුවන්. නමුත් රෝගය සුව වෙනවා. අද රට සුවපත් වෙමින් තිබෙන්නේ රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කරන නිසයි.
අප කවදත් අභියෝග බාර ගන්නේ කාටවත් අභියෝග කිරීමට නොවෙයි. අප අභියෝග බාරගන්නේ රටට ජයග්‍රහණයක් අත් කර දීමටයි. ඒ අභියෝග මට හැකි උපරිමයෙන් ජයග්‍රහණය කරවා තියෙනවා. පසුගිය සමයේ සංචාරක කර්මාන්තය වැටී තිබූ තත්ත්වය පිළිබඳ කවුරුත් දැනුවත්. ඒ වගේම සංචාරක කර්මාන්තය අද තිබෙන තත්ත්වය ගැනත් කවුරුත් දැනුවත්. අද එය සීග්‍ර වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා.
ඒ වගේම අද වන විට ක්‍රිකට් තහනම ඉවත් කර කිරීමට අපට හැකි වුණා . වසර ගණනාවකට පසුව තරුණ කොදෙව් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියාව පරාජය කළා. අප අද සැරසෙමින් සිටින්නේ ද එවැනි අනාගත ජයග්‍රහණයන් වෙනුවෙන්.
අභියෝගය බාරගත යුතු අවස්ථාවේ පැන යන්නේ අවස්ථාවාදීන්. නමුත් රට සෑම අංශයකින්ම බරපතල ආකාරයට කඩා වැටී තිබූ අවස්ථාවේ රට යළි ගොඩගැනීමේ අභියෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාර ගත්තා. එදා ඒ ආකාරයට අභියෝගය බාර නොගත්තා නම් අද මේ රට මිනිස්සු නැති කාන්තාරයක් වෙන්න ඉඩ තිබුණා. අද රටේ තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා.
අපට දැන් තිබෙන අභියෝගය නම් ඉඩමක්, ඉඩමට ඔප්පුවක්, ගෙයක් දොරක් අහිමිව දුක් විදින මිනිස්සුන්ගේ කරුමය අවසන් කිරිමයි. ඒ නිසා, කරුමය වෙනුවට "උරුමය" ලබා දෙන විශේෂ වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ලංකාවේ මිලියන දෙකක ජනතාවගේ ජීවිත වෙනස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ මෙරට සිටින රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණය වෙනුවෙන් සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම හරහායි.
මෙහි ආරම්භක උත්සවය ලබන පෙබරවාරි 05 වනදා දඹුල්ලේදී සිදු කරනවා. එදින සින්නක්කර ඉඩම් ඔප්පු 10,000ක් ලබා දෙනවා. අනතුරුව මෙම වැඩසටහන මෙරට තිබෙන ග්‍රාමසේවා වසම් 14,000 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අප බලාපොරෙත්තු වනවා.
එදා ගොවි ජනපද ව්‍යාපාරය හරහා ලක්ෂ ගණනකගේ ජීවිත ගොඩ නැගුණා. මහවැලි ව්‍යාපාරය හරහා ලක්ෂ ගණනකගේ ජීවිත එළිය වුණා. අද “උරුමය” හරහා මේ රටේ ලක්ෂ ගණනකගේ ජීවිතවලට අලුත් හුස්මක් ලැබී තිබෙනවා. නිදහසින් පසු මෙවැන්නක් සිදු වන්නේ ප්‍රථම වතාවටයි. එබැවින් මෙය ඓතිහාසික කටයුත්තක් වනවා. ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන පරම්පරා ගණනක ඇස්වල කදුළු පිසින කටයුත්තක් වනවා.
එපමණක් නොවෙයි, අප මේ රටේ තරුණ පරම්පරාව ව්‍යවසායකයින් බවට පත් කරන ඓතිහාසික වැඩ සටහනක් සැළසුම් කර තිබෙනවා. ඒ යටතේ තරුණ ව්‍යවසායකයන් මිලියනයක් බිහි කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව ලංකාවේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන දැවැන්ත වැඩසටහන් දෙකක් අප අමාත්‍යංශය යටතේ ක්‍රියාවට නැගෙනවා.

දයා රත්නායක සජබට ගත්තා නම් ගෝඨාවත් ගන්න පුළුවන් : SF දැඩි ප්‍රහාරයක !
හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය පක්ෂයට එක්කර ගත්තා නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පක්ෂයට එක්කර ගත හැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (30) කොළඹ පැවැත්වූ හමුවකදී අදහස් දක්වමින් වන අතර එහිදී දයා රත්නායක සමගි ජනබලවේගය පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධව දැඩි විරෝධයක් එල්ල කර සිටියේය.
තමන් 2010 වසරේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ දයා රත්නායක විසින් බවත් ඒ හේතුවෙන් ප‍්‍රමුඛතාවයන් නොසලකා ඔහුට ඉදිරියට ගෙනවිත් හමුදාපතිකම පවා ලැබීමට පහසු කරවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කළේය.
තමන් මේ බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද මේ ආකාරයෙන්ම දැන්වූ බවත් ඔහු සඳහන් කළේය.
එහිදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස - දයා රත්නායක හමුව සිදුවූ අවස්ථාවේ තමන් ගැන ( සරත් ෆොන්සේකා ගැන) දයා රත්නායක වර්ණනා කළ බව සජිත් ප්‍රේමදාස පැවසු බව සඳහන් කළ ෆොන්සේකා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ අදාළ හමුව සිදුවීමට පෙර ඒ සම්බන්ධව තමන්ව දැනුවත් කිරීමටවත් පක්ෂ නායකත්වය ක්‍රියා නොකළ බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ද තමන් දේශපාලනය කර ඇති නමුත් ඔහු කිසිඳු අවස්ථාවක මේ ආකාරයේ හැසිරීමක් පෙන්නුම් නොකළ බවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Page 107 of 464