අද දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති - මහින්ද අමරවීර, ජාතික සංවිධායක - දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික - ලසන්ත අලගියවන්න එම තනතුරුවලින් ඉවත් කර තිබේ.
මෙම යෝජනාව පක්ෂ සභාපති මෛත්‍රිපාලය සිරිසේන විසින් සිදු කර ඇති අතර විධායක සභාවේ සියලු දෙනා එම යෝජනාව ඒකමතිකව ස්ථිර කරන ලද බව ද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.
පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ජාතික සංවිධායක ධූරයට මහියංගණය ආසන සංවිධායක ගුණවර්ධන , භාණ්ඩාගාරික ධූරයට හෙක්ටර් බෙත්මගේ, ජේෂ්ඨ උපසභාපති ධුරයට සරත් ඒකනායක ද පත් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
