පුවත්

ඇස්ට්‍ර සෙනෙකා එන්නතෙන් අතුරු ආබාධ ඇති විය හැකි බව ඖෂධ සමාගම පළමු වරට පිළිගනී
කොවිඩ් වයිරසයේ අවදානමෙන් මිදීමට භාවිත කළ ඇස්ට්‍ර සෙනෙකා එන්නත (astrazeneca vaccine) දුර්ලභ රෝගාබාධවලට හේතු විය හැකි බව එංගලන්තයේ මහාධිකරණයට නීත්‍යනුකූල ලිපි ලේඛන ඉදිරිපත් කරමින් එහි නිෂ්පාදන සමාගම පළමු වරට පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇස්ට්‍ර සෙනෙකා ඖෂධ සමාගම ඉදිරිපත් කර ඇති අධිකරණ වාර්තාවට අනුව එම එන්නත මඟින් ටීටීඑස් නොඑසේ නම් Thrombosis Thrombocytopenia Syndrome රෝගාබාධයට හේතු විය හැකි බව ද වාර්තා වේ. ටීටීඑස් යනු අඩු මට්ටමක පවතින රුධිර පට්ටිකා සමඟ ඒකාබද්ධ වන රුධිර කැටි මොළය හෝ උදරය වැනි අසාමාන්‍ය ස්ථානවල රුධිර කැටිගැසීම් සිදුවිය හැකි තත්ත්වයක් වන අතර, එම සමාගම සිය වාර්තාව මඟින් සඳහන් කර ඇත්තේ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට වුවද එම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව ඇති බවය.
ඇස්ට්‍ර සෙනෙකා ඖෂධ සමාගම විසින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව වැඩිදියුණු කරනු ලැබූ එම එන්නත බ්‍රිතාන්‍ය ඇතුළු විදේශීය රටවල් රැසක කොවිඩ් වයිරසයට එරෙහි එන්නතක් ලෙස බෙදා හරිනු ලැබූ අතර, මේ වන විට එම එන්නතට එරෙහිව එංගලන්තයේ මහාධිකරණයේ නඩු 51ක් පවරා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇස්ට්‍ර සෙනෙකා එන්නත්කරණයට ලක්වීමෙන් සිය සෞඛ්‍ය තත්ත්වයට සිදුවූ හානියට වන්දි වශයෙන් පවුම් මිලියන 100ක වන්දියක් ඉල්ලා එම නඩු පවරා ඇතැයි එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත් සේවය සඳහන් කළේය.
කොවිඩ් වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාළිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන් මීට මාස කිහිපයකට පෙර පළමු වරට හෙළි කර තිබිණි.
දිනමිණ

2024 ජනාධිපතිවරණයට හයිය පෙන්නන්න : කොළඹ උතුරන්න මැයි දින සැමරුම් !
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්‍යන්තර වැඩකරන ජනතා දිනය 138 වන වරටත් හෙට (01) සැමරීමට නියමිතය .
ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රැසක් විසින් මැයි දින සැමරුම් රැලි සහ පෙළපාළි 40ක් පමණ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංවිධානය කර ඇත .
වාර්තා වන ආකාරයට කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාළි ගණන 14කි.
ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ නගරයේදී සිය මැයි දින රැළි, පෙළපාලි හා සැමරුම් සිදුකරයි.
එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින රැළිය පවත්වන්නේ,කොළඹ මාලිගාවත්ත පොලිසිය අසලය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද බොරැල්ල කැම්බල් පිටියේදී සිය රැළිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සමගි ජන බලවේගය පක්ෂය කොළඹ කොටුව ආශ්‍රීත මාර්ග කිහිපයකින් දිවෙන මැයි දින පෙළපාලියක් පවත්වා පහළ චැතම් වීදිය ප්‍රදේශයේදී සිය මැයි රැළිය පැවැත්වීමට නියමිතය.
ජාතික ජන බලවේගය පක්ෂය මෙවර සිය මැයි දින රැළිය ලිප්ටන් වටරවුමේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර හැව්ලොක් පාරෙන් ආරම්භ වන එම පක්ෂයේ පෙළපාළිය තුම්මුල්ල පසුකර කන්නංගර මාවත ඔස්සේ එම ස්ථානයට පැමිණීමට නියමිතයි.
එම පක්ෂය කොළඹදී පවත්වන මැයි සැමරුමට සමගාමීව යාපනය, අනුරාධපුර සහ මාතර දිස්ත්‍රික්කවලද මැයි සැමරුම් සංවිධානය කර ඇත .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය සංවිධාන කරන මැයි දින රැළිය ගම්පහදී පැවැත්වෙයි .
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින සැමරුම ද කොළඹ සංවිධානය කර ඇත.
2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැඩි බලයක් පෙන්වීමට දේශපාලන පක්ෂ සිය මැයි දින සැමරුම් උපරිම ජන සහභාගීත්වයක් ඇතිව සංවිධානය කෙරෙමින් තිබෙන බව ද වාර්තා වෙයි .
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ හෙට දින කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව යි. එසේම ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,000කට අධික පිරිසක් යොදවා ඇති බවත් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා යුද හමුදා භටපිරිස් යෙදවීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

CID ලෙස රඟපු 4ක් රිමාන්ඩ් !
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිට කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඒ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකි.
මෙම සැකකරුවන් සිව්දෙනා අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අත්දැකීම් නැති අයට රට බාරදෙන්න හිතන්නවත් එපා -ප්‍රසන්න
රට මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය සුදානම් වනවිට තමන් ඊට විරුද්ධ වූ බවත් එහෙත් පොහොට්ටුව ඊට කන්නොදුන් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රනිල් ජනාධිපති කළේ පොහොට්ටුවේ නායකයින් මිස තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොවන බව සඳහන් කරන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළේ ඊට සහාය ලබා දීම බවද සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ගම්පහ උඩුගම්පොළ අද (30) පැවැති රැස්වීමකට සහභාගී වෙමින් වන අතර පවතින දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීම සඳහා රැස්වීම කැඳවා තිබිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද පැවසීය.
“71 සිරිමාවෝ මැතිණිය ආණ්ඩුව ලබා ගත්තට පස්සේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ කැරලි ගහලා එදා ආණ්ඩුව වට්ටන්නත් කටයුතු කළා. එදා ඔවුන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක්ක එකතු වුණා. එකතු වෙලා ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කළා. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව කාලේ ඉන්දිය හමුදාව ගෙන්නපුවම ජේ.ආර්. ට විරුද්ධ වෙලා ඒක නිදහසට කාරණාවක් කරගෙන ප්‍රේමදාස මහත්තයාව දිනවන්න උදව් කළා. ප්‍රේමදාස මහත්තයා එක්ක ඩීල් එක කරලා ඉවර වෙලා. 88/89 මැතිවරණ කාලය වනවිට මේ රටේ ඇති වූ භීෂණය ගැන මේ රටේ මිනිස්සු දන්නවා. ඊට පස්සේ මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දිනවන්න කටයුතු කළා. ඔවුන් ඒ ආණ්ඩුවේ ඇමතිකම් පවා අරගෙන කටයුතු කළා. ඊට පස්සේ මහින්ද මහත්තයා දිනවන්නත් කටයුතු කළා. එහෙම කරපු අයගේ ඉතිහාසය දිහා බලපුවාම 71 කැරැල්ල, 83 කළු ජූලිය, 88/89 කාලයේ රටේ ඇතිවූ භීෂණ යුගය වැනි කාල වලදී රාජ්‍ය දේපල විනාශ කරලා, මිනිස්සු ඝාතනය කලා, ඔවුන්ගේ ක්‍රියාකලාපය රටේ ආර්ථිකය කඩා වැටීමට හේතුවක් වුණා.
ඊට පස්සේ සුනාමිය, කොවිඩ් වසංගතය එක්ක අපේ රටේ ආර්ථිකය මේ තත්ත්වයට වැටෙන්න හේතු වුණා. කොවිඩ් වසංගතය කාලයේ එන්නත් ටික දෙන්න යනකොට මොකද කිව්වේ. කට කතාවක් යැව්වා පිරිම අය එන්නත විද ගත්තොත් පුරුෂ ශක්තිය නැති වෙයි ළමයි හදන්න බැරි වෙයි කියලා. ඔවුන්ට ඕනේ වුණේ මේ රටේ මිනිස්සු දහස් ගාණක් මැරෙනවා බලන් ඉන්න. පළාත් පාලන මන්ත්‍රීවරු එක්ක එකතු වෙලා එන්නත් ටික ජනතාවට විදලා රට අරිනකොට සමහර වෘත්තිය සමිති කිව්වා තාම රට සුරක්ෂිත නෑ රට අරින්න දෙන්න එපා කියලා. රට ආර්ථික වශයෙන් කඩා වැටෙනකොට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කෙනෙක් ඇවිල්ලා මේ රට භාර ගන්න කියලා අපි කිව්වා. ඒ වෙලාවේ කයිවාරු ගහපු හැමෝම මේක භාර ගන්න බය වුණා.
ඒ වෙනකොට කැරලිකාරයෝ ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාල අත්පත් කරගෙන ඉවරයි. පාර්ලිමේන්තුව වට කරලා මිනිස්සු මරලා මේ රටේ පාලන බලය අතට ගන්න පිරිසක් උත්සාහ කළා. ඒ වෙලාවෙදී රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි කිව්වේ මම මේ රට භාර ගන්නම් පොහොට්ටුවේ සහයෝගය මට ඕනි කියලා. මම ගන්නේ දේශපාලන තීන්දු නෙමෙයි රට ගොඩගන්න පුළුවන් තීන්දු පමණයි ඒවාට උදව් කරන්න පුළුවන් නම් කරන්න කියලා. අපි ඒකට එකඟ වුණා. අපි අවුරුදු එක හමාරක කාලයක තුළ ගත්ත තීන්දු ජනප්‍රිය තීන්දු නෙමෙයි. ආර්ථිකය හදන්න ගත්ත ඇතැම් තීන්දු අද සමහරු විවේචනය කළත් ඒකට විකල්ප කියන්න කාටවත් පුළුවන් කමක් නෑ. මේක කරන්න බැරිනම් මෙන්න මේක කරන්න කියලා යෝජනා කරන්න දේශපාලන නායකයින්ට අත්දැකීම් නෑ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේන කොට මම විරුද්ධ වුණ කෙනෙක්. මම කිව්වා අත්දැකීම් නැති අයට රටක් භාර දෙන්න එපා කියලා. අපේ පක්ෂය ඒ ගැන ඇහුවේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අත්දැකීම් තියෙන නායකයෙක් විදියට වගකීම භාර ගත්තම අපි උදව් කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයව නායකත්වයට ගෙනාවේ අපේ පක්ෂයේ නායකයෝ අපි නෙමෙයි. එතුමට උදව් කරන්න අපි කණ්ඩායම මෙහෙයෙව්වා. 2022 වසරේ මැයි මාසය වන විට රටේ තිබුණ තත්ත්වය කල්පනා කරන්න. අද රට තිබෙන තත්ත්වය ගැනත් බලන්න. අපිට කලින් ආර්ථික වශයෙන් කඩා වැටුන ග්‍රීසිය වගේ රටවල් අදටත් ගොඩගන්න බැරි තත්ත්වයට පත්වෙලා තිබෙනවා. රට මේ තැනට ගේන්න පුළුවන් වුණේ අපි කණ්ඩායමක් ලෙස කටයුතු කරපු නිසයි. රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආපු ගමන් සියළු දෙනාට ආරාධනා කළා දේශපාලනය දෙවනුව කරමු පළමුව අපි එකතු වෙලා රට හදමු කියලා. කිසිවකු එකතු වුණේ නෑ විවේචනය කළා විතරයි.
රනිල් වික්‍රමසිංහ මහත්තයට ඕනේ වුණේ එකතු වෙලා වැඩ කරලා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නයි. ඒකට ඇතැමුන් කැමැති වුනේ නෑ. එතුමට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබ්බේ නෑ. ඔහු තනි කෙනෙක් විදියට හිටියේ. බහුතරය ඉන්නේ අපිට. එතුමා අපගේ සහයෝගය ගෙන රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න කටයුතු කළේ අත්දැකීම් සහිත පරිණත නායකයෙක් නිසයි. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කඩේ යන්නේ නෑ. මම මේ රටේ ජනතාවට කඩේ යන මිනිහෙක්. මම තරම් රනිල් වික්‍රමසිංහ මහත්තයාව විවේචනය කරපු කෙනෙකුත් නෑ. යහපාලන ආණ්ඩුව කාලේ එතුමාට විරුද්ධව කටයුතු කරපු කෙනෙක් මම.
රටේ මිනිස්සු දුක් විදිනකොට නැවත රට යථා තත්ත්වයට පත් කරපු නායකයෙක් ඉන්නවා නම් අපිට මොන දේශපාලන මති මතාන්තර තිබ්බත් ඒ පුද්ගලයට උදව් කරන්න ඕනේ. ඒ නිසයි අපි කණ්ඩායමක් විදියට එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න කටයුතු කළේ. ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය විදියට අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරනවා.
මහින්ද මහත්තයා යුද්ධය දින්න කියලා. අද මහින්ද මහත්තයට කියන්නේ නාකියා, නාකි මයිනා කියලා. ඊළඟට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට මේ ගෑනි නිසා තමයි රටේ ආර්ථිකය කඩා වැටුනේ කියලා ගහනවා ෆේස් බුක් එකේ. කොවිඩ් වසංගතයෙන් රට බේර ගත්ත නායකයාගේ ෆොටෝ එකක් දාලා ගහනවා. නාකින්ගෙන් රට ගලවා ගන්න තරුණයින්ට රටක් භාර දෙන්න කියලා. අත්දැකීම් නැති තරුණයෝ කරපු දේවල් 88/89 කාලයේ ඉදන්ම අපි දන්නවනේ.
නාකියෝ කියද්දි මේ රටේ වැඩිහිටි සියල්ල අයිති වෙනවා. අපි අලුත් අවුරුද්දට පවා දෙමාපියෝ බලන්න ගිහින් බුලත් අතක් දිලා වැදලා නේද එන්නේ. ඒ සංස්කෘතිය නේද මේ නැති කරන්න හදන්නේ” යනුවෙන්ද පැවසීය.

ජනපති හෙට මැයි දින රැළි දෙකකට එක් වෙයි !
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය.
ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළිය හෙට (01) පෙ.ව 10.00ට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් ඊට එක්වීමට නියමිතය.
ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ සඳහා එක්වන අතර වතුකරයේ ජනතාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වෙනු ඇත. කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ලංකා කම්කරු කොංග්‍රසයයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය හෙට (01) ප.ව 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය පැවැත්වෙයි.

රතුපස්වල නඩුවේ තීන්දුව කල් යයි !
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි.
ඒ් අදාළ නඩුව අද (30) ගම්පහ මහාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදීය.
මෙම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය තිබූ නමුත් එය මෙසේ කල් තැබුණි.
ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූයේ 2013 වසරේ අගෝස්තු 01 වනදාය.
එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.
අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පවරනු ලැබීය.

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ !
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර ඇත.
පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය 2024 අප්‍රේල් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණු ද දිවයින පුරා ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම අනුව එම කාලය 2024 මැයි 31 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරිණි.
“Children of Gaza Fund” අරමුදලට දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි ජාති, ආගම් බේදයකින් තොරව දිවයින පුරා ජනතාව ඒ සමඟ අත්වැල් බැඳගනු ලැබීය.
අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාර දුන් අතර ඉතිරි පරිත්‍යාගද ඉදිරියේ දී නිල වශයෙන් පලස්තීන රජය වෙත භාරදීමට නියමිතය.
2024 මැයි 31 දක්වා පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල වෙත තවදුරටත් දායක වීමට අවස්ථාව සලසා දී තිබෙන අතර ඒ සඳහා දායකවීමට කැමති පරිත්‍යාගශීලීන් වේ නම්, එම පරිත්‍යාගයන් මැයි 31 දිනට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රොබේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ රිසිට්පත 077-9730396 වෙත WhatsApp මඟින් යොමු කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී සිටියි.
මේ අතර, ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව විසින් පසුගියදා ප්‍රදානය කළ මූල්‍ය ආධාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ (UNRWA) කොමසාරිස් ජනරාල් ෆිලිපේ ලැසරිනි (Philippe Lazzarini) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය ප්‍රශංසාව පළ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ විසින් සිදු කරන ලද හදිසි ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාව විසින් ලබා දෙන ලද දායකත්වය මඟින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ රැකවරණය යටතේ සිටින මිලියනයකට අධික පිරිසකගේ අත්‍යාවශ්‍ය මානුෂීය අවශ්‍යතා සපුරාලීමේ ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ද මෙම ලිපියෙහි සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කර ඇති සහන සැලසීමේ වැඩසටහන් සඳහා අරමුදල් සපයා ගැනීමේදී පවතින ගැටළුකාරී තත්ත්වය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති ලැසරිනි මහතා එම වැඩසටහන් ඵලදායීව සිදු කිරීම සඳහා හවුල්කරුවන් විසින් ලබාදෙන දායකත්වයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද සඳහන් කර ඇත.
පලස්තීනයේ සිටින සරණාගතයින් සහ එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ශ්‍රී ලංකාව විසින් ලබාදෙන දායකත්වය වෙනුවෙන් කෘතඥතාව පළ කරන ලැසරිනි මහතා, ඉදිරියේදී ද ශ්‍රී ලංකා රජයෙන් අඛණ්ඩව සහයෝගය ලබා දෙනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බව ද සඳහන් කර තිබේ.

සා/පෙළ අවසන් වූ වහාම උ/පෙළ ආරම්භ කිරීමට පියවර
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහාම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම අභියෝගාත්මක කාර්යය සිදු කිරීම සඳහා ගුරුභවතුන්ගේ ද දැඩි කැපවීමක් අවශ්‍ය බවයි.
ඒ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලුතෙන් ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බවත් මේ සතිය තුළ ඔවුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වන බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා 1 සිට 11 දක්වා පමණක් පන්ති පවතින පාසල්වල දරුවන් උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට ඇතුළත් වීමේ ගැටලුවක් මෙහි දී මතු වන බැවින් ඊට විසඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල සන්දේශයක් හරහා අනුමැතිය ලබාගෙන එම පාසල්වල දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් අවශ්‍ය පාසල්වලට සුදුසු පරිදි අනුයුක්තයක් ලබා දීමට ක්‍රියා කරන බව ද සඳහන් කළේ ය.
මෙවැනි ක්‍රියා මාර්ග ගැනීමේ අරමුණ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති විය හැකි ප්‍රමාදයන් වැනි අනිසි ප්‍රමාදයන් වලක්වාගනිමින් මෙම වසරත් සමග වසර දෙකක කාලයක් තුළ පසුගිය කොවිඩ් සමයේ අතපසු වූ අධ්‍යයන කටයුතු යථා තත්වයට ගෙන ඒම බවත් එය සාර්ථක කරගැනීමට සියලු දෙනාගේ ම සහයෝගය හා කැපවීම අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කළේ ය.
ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව විකාශය වීමේ සමාරම්භක අවස්ථාවට යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්(Christian Skoog) හා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් සඳහා නිවාස
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර භාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
තවත් නිවාස 11 ක ඉදිකිරීම් මේ වන විට ආරම්භ වී තිබේ.
පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකීරීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139 කි. ඉඩමක් සමග නව නිවසක් ඉදිකිරීම , නව නිවාස ඉදිකිරීම, නිවාස අලුත්වැඩියාව මේ යටතේ සිදු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි. කටුවා පිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144 කට මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සහන සැලසී ඇත. එම දේවස්ථාන ආශ්‍රිතව පමණක් නිවාස ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 90.855 කි.
කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 09 කට නිවාස ඉදිකර දී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ මෙලෙස පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70 කට නිවාස ඉදිකර දී ඇත.
මේ අතර පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට නව ඉරුදින දහම් පාසල් ගොඩනැගිල්ලක්ද රජය මගින් ඉදිකර දී තිබේ.
ඊට ප්‍රතිපාදන සපයා ඇත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයයි. මේ සදහා වැය කළ මුදල කෝටි 13 කට අධිකය. පන්ති කාමර 14 කින් සමන්විත මෙම ඉරුදින දහම් පාසල් ගොඩනැගිල්ල තට්ටු 02 කින් සමන්විතය. නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කළ අතර පසුගිය අප්‍රේල් 09 වෙනිදා එම ගොඩනැගිල්ල දේවස්ථානයට භාර දීමට පියවර ගැනින.

කාලගුණයෙන් ප්‍රබල අකුණු ගැන නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (29) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහින්දට සේවා දිගුවක්
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී මහින්ද සිරිවර්ධන වටිනා දායකත්වය සේවා දිගුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන ඇතැයි ජනාධිපති අරමුදල පැවසුවේය.
භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන ඔහුගේ සේවා කාලය මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.

පොලිස් විනය ගැන පොලිස්පති අතටම
පොලිස් නිලධාරීන්ගේ විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත බාර දී තිබේ.
මෙය සකසා ඇත්තේ නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසිනි.
පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර කෙරුණි.
ඒ් අනුව කමිටුව විසින් යෝජනා කරන ලද විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටළුවලට විසදුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පසුගිය 26වැනිදා කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් පොලිස් මූලස්ථානයේ දී පොලිස්පතිවරයා වෙත භාරදෙන ලදි.
එම නිර්දේශයන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මාධ්‍යවේදීනට ‘ගරුසරු’ වෙබ් අඩවියක්
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්හට www.garusaru.lk වෙබ් අඩවිය හඳුන්වාදීම සහ ඔවුන් ඊට ඇතුළත් කර ගැනීම රත්නපුර වෙරලුපේ සෙන්චූරියා හෝටලයේ පැවති ජයගමු ශ්‍රී ලංකා – ජන මාධ්‍ය හමුවේදී සිදුවිය.
මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිවන සෑම ශ්‍රමිකයෙකුටම QR ඛේතයක් ලබදෙන අතර එමගින් අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් සදහා වෘත්තීය ගරුත්වය ලබාදෙන වැඩසටහනට ලියාපදිංචි වන ශ්‍රමිකයින් දායක කරගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණ පවත්වන අතර රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග අමාත්‍යවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය.
අවිධිමත් ශ්‍රමිකයින්ගේ වෘත්තීය ගරුත්වය නංවාලිම සඳහා ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහනට, ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමට නිර්මාණය කරනා ලද www.garusaru.lk වෙබ් අඩවිය සයිබර් අවකාශයට මුදාහැරීම රත්නපුරය්දී ඊයේ ආරම්භ වූ ”ජයගමු ශ්‍රීලංකා ජනතා ජංගම සේවයේදී” සිදු විය. ‘ගරු සරු ‘ ව්‍යාපෘතිය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාරගේ සංකල්පයකට අනුව හදුන්වාදෙන ලද්දකි.

අමෙරිකාවේ කෘෂිකර්ම උප ලේකම්වරිය සහ ජනපති අතර හමුවක්
මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පරපුර ආකර්ෂණය කරගැනීම රජයේ කෘෂි නවීකරණ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අමෙරිකා එක්සත් ජනපද විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම්වරිය ඊයේ (26) හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර සිටියේය.
අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ජනාධිපති කාර්යාලයේදී හමුවක් ඊයේ පස්වරුවේ දී සිදු වුණි.
මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බවය.
මීට අමතරව රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇලෙක්සිස් ටේලර් මහත්මියව දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබාදෙන බවට මෙහිදී උප ලේකම්වරිය ඇතුළු එක්සත් ජනපද නියෝජිත පිරිස ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.

මත්තල ගුවන්තොටුපල කළමනාකාරීත්වය ගැන කැබිනට් තීරණයක්
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙයි.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශවලට අනුව මත්තල ගුවන්තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt) Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර 30ක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස එලෙස අනුමැතිය ලැබී ඇත.

සජබට මන්ත්‍රීවරුන් 6දෙනාගෙන් නිදහසට කරුණු විමසීමේ තීරණයක්.
පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ඒ පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුවයි.
මහාචාර්ය ජී. එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ ය.
පොදුජන පෙරමුණ පැවසුවේ, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.
මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සමගි ජන බලවේගය සමග පසුගිය 05 වැනිදා ගිවිසුමගත වූයේ සමගි ජන බල සන්ධානය ලෙසයි.
(News 1st)

සිරිසේන අමරවීරගෙන් බිලියනක වන්දියක් ඉල්ලයි : නොදුන්නොත් පොලියත් සමග ගන්න බව දන්වයි !
අමාත්‍ය මහින්ද අමරවීරගෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස දැනුම් දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන නීතිවරයෙකු හරහා ලිපියකින් දැනුම් දී ඇත.
දින 14ක කාලයක් ඇතුලත එය නොගෙවන්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවද අදාල ලිපියේ දැක්වේ.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.
ලියාපදිංචි තැපැලෙන් සහ කුරිය සේවාව මගින්
මහින්ද අමරවීර මහතා,
අංක බී 63. මහගම සේකර පාර,
කොළඹ 07.
මහත්මයානෙණී,
මාගේ සේවාදායක, කොළඔ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ අංක 77 සී නිවසේ පදිංචි ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ලියා දක්වන වග නම්,මගේ සේවාදායක ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වසර 50කට ආසන්න කාලයක් ක්‍රීයාකාරී දේශපාලනයේ යෙදුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කල සහ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිධූරය හොබවන ලද අයකු වේ. එතුමා මහවැලි, පරිසර සහ සෞඛ්‍ය වැනි වගකිවයුතු අමාත්‍යංශ ගනනාවක අමාත්‍යධූර දරමින් මේ රටට විශාල සේවයක් සිදු කොට ඇත. මෑත කාලයේදී සිදු කල දැවැන්ත ම ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය නායකයෙකි.
ඔබ 2024 අප්‍රේල් 22 වන දින ප්‍රසිද්ධ මාධයට ප්‍රකාශකරමින් මාගේ සේවාදායක සම්බන්දයෙන් පහත ආකාරයට ප්‍රකාශකරන ලදී.
“නිකන්ම රස්තියාදු කණ්ඩායමකුත් එකතු කරගෙන තමයි ඊයේ රැස්වීමක් පවත්වලා තියෙන්නේ, ඒක සම්පූර්ණ අනීතිකයි. ඒ වගේම අධිකරණයට අපහස කිරීම, එතනට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සම්බන්ධ වෙන්න කිසිම හැකියාවක් නෑ. වැඩ බලන ලේකම්වරයා දුෂ්මන්ත මිත්‍රපාල අධිකරණට අපහාසයක් කරලා තියනවා. අපි ඉදිරියේදී මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙනවා. ඒ වගේම ඊයේ තිබුණු අනීතික රැස්වීමේ සම්පූර්ණ මැදිහත්වීම කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත්කරලා තියෙන ඒ ආරක්ෂක කණ්ඩායම. කණ්ඩායමකට එන්න දීල නෑ, තර්ජනය කරලා තියෙනවා. පක්ෂයේ හිටපු සභාපතිවරයා මේ පක්ෂය දැන් වෙන්දේසි කරනවා. දැන් පසු ගිය දවස් වල එතුමා මුන ගැසුණා ලංකාවේ ඉන්න ප්‍රබලම ව්‍යාපාරිකයෙක් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලනවා කියල ප්‍රකාශයට පත් වෙච්ච, ඒ වෙලාවේ මෙතුමාගේ ඉල්ලීම මොකද්ද? මිලියන සීයක් එතුමාට තරග කරන්න මේකට දෙන්න කියලා, අපි ඒක විමසුවා පක්ෂයේ හිටපු සභාපතිවරයා හමුවුණු වෙලාවක මෙහෙම හමුවීමක් සිදු උනාද කියලා, ඔහු එය පිලිගත්තා. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් එහෙම කට අරගෙන කිවුවේ ආණ්ඩුවේ අය ඉන්න නිසාය කියලනේ අපිට චෝදනා කලේ. දැන් එතුමා රෙදි ඇඳගෙනද දන්නේ නෑ මහාචාර්යකමේ ඉඳගෙන කතා කරන්නේ. දැන් ඇමතිවරයෙක් නෙමෙයිද පත් කරලා තියන්නේ. එතකොට මහාචාර්යතුමාට කියක් හමු වෙලාද මේ කටයුත්ත යෝජනා කරන්න. මේක ස්ථිරකල එක්කෙනාට කොච්චර හම්බුනාද? නඩු හාරසිය ගාණක් තියෙන පුද්ගලයෙකුගේ ළඟ අධිකරණ ඇමතිවරයා වාඩි වීමම රටේ ජනතාවට ප්‍රශ්නයක් , අපෙන්ම අහනවා. ”
( හිරු ප්‍රවෘත්ති 6.55 , හිරු ටීවී )
එසේම මව්බිම පුවත්පතටද 2024/04/24 වන දින මෙබඳුම ප්‍රකාශයක් සිදුකර තිබෙන බවට මා වෙත උපදෙස් ලැබී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පැමිණ එම පක්ෂයේ බොහෝ තනතුරු දැරූ තැනැත්තෙකු වශයෙන් ඔබ ඉහත සදහන් ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යක් බව දැන දැනම කරන ලද ප්‍රකාශයකි. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති තනතුර හොබවා වර්ථමානයේ පොළොන්නරුවේ ජනතාව තෝරාපත්කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන මේ රටේ බොහෝ ජනතාවගේ ගෞරව ආදරයට පත් කීර්තිමත් පුද්ගලයකු වශයෙන් එකී ප්‍රකාශය මගේ සේවාදායකට සෟජු සහ වක්‍ර ලෙස අපහාස කිරීමට කරන ලද බව දන්වා සිටී. මාගේ සේවාදායක කිසිදු තැනැත්තෙකුගෙන් කිසිදු මුදලක් ඉල්ලා නොමැති බවත්, ඔහු වංචා දුෂණ චෝදනා වලට ලක්ව නොමැති අයකු වබත් දැන දැන ඔබ විසින් ඉතා වෛරී සහගත සහ ද්වේශ සහගතව එම ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කිරිම සහ පළ කිරීම නිසා දැඩි චිත්ත පීඩාවන් වලට මුහුණ දීමට සිදුව ඇත. ඔබගේ ප්‍රකාශය මෙරට බොහෝ ප්‍රසිද්ධ මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍යවල විශාල වශයෙන් පල වු අතර මාගේ සේවාදායක දුෂණවලට සම්බන්ද අයකු ලෙස මතයක් ඔබ ගොඩ නගා ඇත.
එමගින් මාගේ සේවාදායකට සිදුවී ඇති අලාභය හෝ වන්දිමුදල රුපියල් මිලියන දහසක් (රුපියල් මිලියන 1000) ලෙස මාගේ සේවාදායක තක්සේරු කර සිටී.
එකී කරුණු අනුව එකී අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000 ක මුදල අද දින සිට දින 14ක් අතුලත මාගේ සේවාදායක වෙත ගෙවන මෙන් මෙමගින් දන්වා සිටින අතර ඔබ එසේ ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් එකී මුදල සහ ඒ මත නෛතික පොලිය අයකර ගැනීම සදහා ඔබට එරෙහිව නඩු පවරණු ලබන බව වැඩිදුරටත් දන්වා සිටිමි.
නීතිඥ ජයමුදිතා ජයසූරිය.

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා - ජනපති
ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ, ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය විවෘත කිරීමේ උත්සවයට අද (25)එක්වෙමිනි .
ගාලුමුවදොර ඉදිකර ඇති ITC රත්නදීප හෝටලය ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මේ අසල පිහිටා තිබෙනවා. ඒවගේම ඉන්දියානු ටාජ් හෝටලය ද මේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සිංගප්පූරුවෙන් පැමිණි ෂැංග්‍රිලා හෝටලයද පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේයි. ඒ සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලයද තිබෙනවා. ඒ වගේම ඊට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා.
මේ සියල්ල ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය නියෝජනය කරනවා. ඒවගේම ඔබරෝයි හෝටලය ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම නාගරික හෝටලය වූ අතර බොහෝ කලකට පෙර මෙහි සංචාරක හෝටල් ආරම්භ කළේද ඉන්දියාවයි. ඒ නිසා ඉන්දියාව මෙන්ම සිංගප්පූරුව නියෝජනය කරන හෝටල් මෙහි පිහිටා තිබෙනවා. ඔබට ආසියාවේ කිසිම තැනකින් මෙවැනි සුවිශේෂී ස්ථානයක් ලබා ගත හැකියි කියා මම හිතන්නේ නැහැ.
මෙය කොළඹ නගරයේ සහ කොළඹ කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාරයේ සංකේතයක් බවට පත්වනු ඇති බවට සැකයක් නැහැ. ඉන්දියාව තුළ නිර්මාණය කළ කාමර 10,000කින් යුත් හෝටල් සමූහයෙන් පසු ITC සමාගම ඔවුන් පැමිණිය යුතු හොඳම තැන ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබෙනවා.
ඔබට දියුණු කළ හැකි ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන තිබෙනවා. ඉදිරි දශකය තුළ කොළඹ ජනාධිපති මන්දිරය මාදිවෙල ප්‍රදේශයට ගෙන යාමට නියමිතයි. ඒ සමඟ කොළඹ ජනරජ චතුරශ්‍රය, නාවික හමුදා මූලස්ථානය, පරණ ජැටිය, රේගු මන්දිරය සහ මහ තැපැල් කාර්යාලය ආදී ස්ථාන සියල්ලම කොළඹ සංචාරක නගරයේ අංගයන් ලෙස සංවර්ධනය කළ හැකියි.
මීට වසර දෙකකට පෙර රට පැවති තත්ත්වය ඔබට මතක බව මා සිතනවා. එදා හිටපු ජනාධිපතිවරයාගේ කාර්‍යාලය වටලා අරගලයක් දියත් වුණා. ජනතාව ඒ සඳහා යොමු වුණේ ආර්ථිකය බිඳ වැටී තිබු නිසයි. නමුත් කඩා වැටුණ ආර්ථිකය වසර දෙකක් තුළ ගොඩනැඟීමට අපට හැකි වුණා .
මේ වන විට කොළඹ සංචාරක නගරයක් බවට පත් වී තිබෙනවා. තරු පංතියේ හෝටල් නිසා සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි. කඩා වැටුණ ආර්ථිකය ගොඩනැංවීමටද එය මහත් රුකුලක් වනු ඇතියි. සංචාරක ව්‍යාපාරය මගින් ලංකාවේ ආර්ථිකය කඩිනමින් ගොඩගත හැකියි . ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අප සූදානම් .
ඒ වගේම නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි.එවිට ජනතාවගේ ජීවන ත්ත්වයද උසස් කළ හැකියි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ITC රත්නදීප සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Page 79 of 464