මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීවීම හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව 47245ක් වන අතර මෙරට සංඛ්‍යාව 3කි.
මෙරට තුන් වැනි මරණය ඊයේ (01) වාර්තා වූ අතර ඔහු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මරණයට පත්වී ඇත්තේ 72 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අනුව ඔහු පදිංචිව සිටි නිවාස සංකීර්ණයේ නිවැසියන්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ඊයේ රාත්‍රියේ ම දැනුම් දී තිබේ.
මියගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා විදෙස්ගතව පැමිණි පුද්ගලයෙකි. ඒ අනුව එම පුද්ගලයා, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවා ද ඊයේ ගිලන් රථවලින් රැගෙන ගොස් ඇත.
ඒ සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩි වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
