කොරෝනා අස්සේ : උතුරේ මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් !

කොරෝනා අස්සේ : උතුරේ මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් !

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබියදී උතුරේ මාධ්‍යවේදියකු ඇතුළු පිරිසකට පහර දී තිබේ.මාර්තු 30 සඳුදා එලෙස පහර කෑමට ගොදුරු වී ඇත්තේ කිලිනොච්චියේ පදිංචි නඩරාසලිංගම් තුසාන්ත් නැමැති මාධ්‍යවේදියෙකි.

සිය නිවසේ පවත්වාගෙන යනු ලබන කාර්යාලයට මාර්තු 30 සදුදා පස්වරු 5.45 ට පමණ කඩා වැදුනු සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් පහර දුන් බව නඩරාසලින්ගම් තුසාන්ත් උතුරේ මාධ්‍යවේදීන් සමග කියා තිබේ.

එම මොහොතේ තමා සමග සිටි තවත් මිතුරන් දෙදෙනකුටත් පොලු වලින් බැට දුන් නාදුනන පිරිස එම ස්ථානයේ තිබු වීදුරු බෝතලයක් කඩා තමාට  පහරදුන් බව ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.

නඩරාසලින්ගම් තුසාන්ත් පවසන පරිදි එම පහරදීමෙන් ඔහුගේ එක් අතකට තුවාල සිදු වී ඇති අතර ඔහුගේ මිතුරන් දෙදෙනාට තැලුම් තුවාල සිදුවී තිබේ.

පහරකෑම සිදු වු  දිනයේ හවස් කාලයේ දීම  කිලිනොච්චි රෝහලට ගොස් තුවාල සදහා බෙහෙත් දමා ගත් අතර මාර්තු 31 අඟහරුවාදා දිනයේ දී කිලිනොච්චි පොලිස්ථානයේ පැමිනිල්ලක් සිදු කළ බව ඔහු සදහන් කරයි.

නාඳුනන පිරිස විසින් කළ පහරදීමෙන් ලැප්ටොප් පරිගණකය ඇතුළු කාර්යාලීය ආම්පන්න සහ ගෘහ උපකරණ වලටත් හානි සිදු වී ඇති බව ඔහු පොලීසියට පැමිනිලි කර තිබේ. කිසිවකු අත් අඩංගුවට ගත් බවක් දැනගන්නට නැත.

රටේ බොහෝ පළාත් වලට මෙන් මාර්තු 30 හවස 2ට කිලිනොච්චියට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කරන ලද්දේ  අප්‍රේල් 01 උදේ 6.00 ටය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න