අකුරණම ලොක් ඩවුන් !

අකුරණම ලොක් ඩවුන් !

කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කර ගැනීම සඳහා මේ වනවිට අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිළධාරි වසම් සම්පර්ණයෙන් වසා දමා ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාර අබේසිංහ පවසන්නේ අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියා මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්වීමේ අරමුණ ඇතිව මෙලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයම වසා දැමූ බවයි.

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ සියලු මාර්ග ආරක්ෂක අංශ මගින් අවහිර කර ඇති බවත් ගම් අතර ගමන් කරීමද නවත්වා ඇති බවත් ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කරයි.

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වූ මුල් කොරෝනා ආසාදිත රෝගියාගේ භාර්යාව, පුතා සහ ලේලියටත් කොරෝනා ආසාදනය වී ඇති බවට මේ වනවිට හඳුනා ගැනීමත් සමඟ කොට්ඨාසය තුළ වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව ආරක්ෂිත ක්‍රම අනුගමණය කිරීමද දැඩි කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න