ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර තවත් විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) රාත්‍රියේ සිදුව ඇති බව වාර්තා වෙයි.
නිමල් අගමැති කර බහුතරය පෙන්වීමේ සුදානමක්
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අග්‍රාමාත්‍යවරයා වශයෙන් නම් කරමින් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමේ සූදානමක් තිබෙන බවය.
එසේම ඒ පිළිබඳ තමන්ට දැනුම්දීමක් සිදුකර ඇති බවත් තමන් ඒ වෙනුවෙන් එළඹෙන සිකුරාදා (16) වනදා දක්වා කාලය ලබාදීමට තීන්දු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළ බවද වාර්තා වෙයි.
එහෙනම් බහුතරය පෙන්වන්න : පස්සෙ අපි කරන දේ බලාගන්න - අගමැති
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා, තමන් දැනටමත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බැවින් අමුතුවෙන් බහුතරයක් පෙන්වීමට නොයන බවය.
එසේම හැකිනම් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසද අග්‍රාමාත්‍යවරයා පවසා ඇති බව වාර්තා වන අතර එසේ නොවුණහොත් තමන් කරනදේ සිකුරාදායින් පසුව බලාගන්නා ලෙසද ජනාධිපතිවරයාට පවසා ඇති බවද වාර්තා වෙයි.
සිකුරාදා ජනාධිපති ජාතිය අමතයි
මේ අතර හෙට (16) වනදා හෝ සෙනසුරාදා (17) උදෑසන ජනාධිපතිවරයා සියළු මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා විශේෂ හමුවක් සංවිධානය කිරීමේ සුදානමක් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි. අනතුරුව ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

