මහරගම නගර සභාවට බඩල්ගම සරණයි

මහරගම නගර සභාවට බඩල්ගම සරණයි

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකර සිටින මහරගම  නගරසභාවේ බලය හිමිකරගෙන ඇති ස්වාධීන කණ්ඩායම අංක 2 නියෝජනය කරන 18 දෙනෙකු බඩල්ගම (ගම්පහ) ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

එසේම එම අපේක්ෂක ලැයිස්තුව නියෝජනය කරන අනෙක් අපේක්ෂකයින් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් 3ක්, හුණුමුල්ල 1, අස්ගිරිය 1ක් වශයෙන් වන අතර මහරගම මහ නගරසභා සීමාවේ වන පන්නිපිටිය ප්‍රදේශය නියෝජනය කරමින් එම ලයිස්තුවේ සිටින්නේ එක් අපේක්ෂකයකු පමණි.

ඊට අදාළව ඉදිරිපත් කර ඇති ලැයිස්තුව සඳහාද මහරගම මහ නගරසභා සීමාවේ පදිංචිකරුවන් සිටින්නේ එක් අපේක්ෂකයකු පමණක් වන අතර අනෙක් අපේක්ෂකයින් කොළඹ 12 පදිංචිකරුවන් 12ක්, බඩල්ගම පදිංචිකරුවන් 9ක් සහ හුනුගම 1ක් ලෙස නම්කර ඇත.

එසේම මෙම ලැයිස්තුව අපේක්ෂකයින් අතර 1935 වසරේ උපන් පුද්ගලයෙකුද සිටියි. එම ලැයිස්තුව පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න