අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේවනවිට කොළඹ ලංකා රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ (STF) නිලධාරින් අද පස්වරු 04.00ට පමණ කොළඹ 07, ස්ටෑන්මෝ ක්‍රෙසන්ට් හි පිහිටි හිටපු ඇමතිවරයාගේ නිල නිවස වෙත පැමිණ මිනිත්තු 40ක පමණ කාලයක් නිවස පරික්ෂාවට ලක් කර ඇත.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව ඔහුගේ කොළඹ පිහිටි නිවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීට පෙර ද පරික්ෂාවට ලක් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
