නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පසුගිය 27 වනදා දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ ඊට පැය කිහිපයකට පසු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කාංචන විජේසේකර පසුව පස්වරුවේ තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර ප‍්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සිටි නිමල් ලන්සා පස්වරුවේ ප‍්‍රජා සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම් දී ඇත.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ පස්වරුවේ දිවුරුම් දී ඇත්තේ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
