සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවීමෙන් පසු වසර දෙකක් යන තෙක් තමාට හිමි ඇමැති වැටුප හෝ මන්ත්‍රී වැටුප ලබානොගෙන එම වැටුප රාජ්‍ය ණය පියවීම සඳහා භාණ්ඩාගාරයට ලබා දෙන බවට පොරොන්දු වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත අද (10) ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පොරොන්දු පත්‍රයක් බාර දුන්නේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) බදුල්ල විල්ස් ක්‍රීඩාංගනයේ පැවැති රැස්වීමකදී ජනතාව ඉදිරියේ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙම පොරොන්දු පත්‍රය බාර දුන්නේය.
ඇමැති ධූරයක් හෝ මන්ත්‍රී ධූරයක් දරන කාලය තුළ තමාගේ පරිහරණයට කිසිඳු වාහනයන් ආනයනය නොකරන බවත් පාක්ෂිකයන්ගේ ජනමතය විකෘති කරමින් පක්ෂ මාරුවක් සිදු නොකරන බවත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දුන් පොරොන්දු පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.
යම් හෙයකින් තමාගේ ප්‍රතිපත්ති සහ පක්ෂයේ ප්‍රතිපත්ති අතර ගැටළු කාරී තත්ත්වයක් ඇති වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවද ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පොරොන්දු පත්‍රයේ පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
