එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව එහි සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා එම තනතුරට පත්කර තිබේ.
මීට පෙර එම ධූරයේ කටයුතු කළ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් දුමින්ද දිසානායක මහතා එම තනතුරට පත්කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
