එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි අගමැති රනිල් වික්‍රමසිංහගේ හිටපු පෞද්ගලික ලේකම්, සුදත් චන්ද්‍රසේකර හා එජාපයේ ආසන සංවිධායකයකු මෙන්ම ප්‍රබල ක්‍රියාධරයකුව සිටි නීතිඥ ශීරාල් ලක්තිලක ද එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීමේ මෙහෙයුමට එක්ව ඇත.
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් යුතුව සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (02) පැවති, මැතිවරණ ව්‍යාපාරයට අදාල මාධ්‍ය හා සන්නිව්දන කමිටු රැස්වීමට (MAC -Media and Communication Committee) ඔවුන් දෙදෙනා ද එක්ව ඇතැයි එජාපෙ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ හිටපු ප්‍රධානියා වන සුදත් චන්ද්‍රසේකර, MAC කමිටුවේ කැඳවුම්කරු ලෙස නම්කර ඇති බවද පැවසේ.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මෙන්ම හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, රන්ජන් රාමනායක, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, මනුෂ නානායක්කාර යන මැති ඇමතිවරුන් ද MAC කමිටුව නියෝජනය කරන බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
