එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිධුර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගනීවි යැයි තමන් ප්‍රාර්ථනා කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර ඇත.
එහිදි මාධ්‍යෙව්දින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඇය වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපවරණය සම්බන්ධයෙන් සියලු දෙනා පිස්සු වැටි ඇති බවය.
එමෙන්ම යහපාලන රජය ඉදිරියට ගෙනියන්න අපේක්ෂකයෙක් යෝජනා කර හො නොමැතිද යනුවෙන් කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඇය පැවසුවේ යහපාලන රජය ඉදිරියට ගෙනියන්න යහපාලන රජය බලයට ගෙනා දෙපිරිසෙන් එක් කණ්ඩායමක් එළියට ඇවිත් ඇති බවත් එක්සත් ජාතික පක්ෂයද මේ වන විට බේදබින්න වී ඇති බවත් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
