ප්‍රධාන පක්ෂ අර්බුදයේ : විකල්පය අපි විතරයි - හඳුන්නෙත්ති 

 ප්‍රධාන පක්ෂ අර්බුදයේ : විකල්පය අපි විතරයි - හඳුන්නෙත්ති 

ප‍්‍රධාන පක්ෂ සියල්ලම අර්බුදයක සිටින බවත් විකල්පයට සිටින්නේ  තම පක්ෂය පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ගිමේන්තු  මන්ති‍්‍ර, කෝප් කමිටු  සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ මාතර, වැලිගම, කනන්කේ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට ඊයේ  (8)  සහභාගි වෙමින්ය.

 එහිදි  වැඩිදුරටත් අදහස් පළකල  මන්ත්‍රීවරයා ,

‘‘අපි කවුරුත් ජාතික මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.  ජනතාවට මේ  රටේ  දේශපාලන වෙනසක් ගැන අවශ්‍යතාවය තියෙනවා. හැබැයි පාලකයන් ලැස්ති පිටද ඉන්නේ? නිකම්  ෂුවර් නැ වගේ නේද?. එහෙනම් පාලකයන් ඡන්දයක් තියන්න කැමති නැති ඡනතාව ඡන්දයකට කැමති දේශපාලන වාතාවරණයක් තමයි දැන් තියෙන්නේ.

කල්පනා කරලා බලන්න. මිට කලින් මෙහෙම නෙමෙයි තිබුණේ  ජනතාව දෙගිඩියාවෙන් ඉන්නවා පාලකයන් එක හිතින් ඉන්නවා ඡන්දයකට. අද එහෙම නැහැ. විශේෂයෙන් ආණ්ඩු බලය තියෙන එජාපයට ඡන්දයට දාන අපේක්ෂකයා ෂුවර් නැහැ. එක පැත්තකින් සජිත් මහත්තයා ගාල කඩාගත්ත වගේ රට වටේ  දුවනවා තමන් අපේක්ෂකයා කියලා.  අනිත් පැත්තෙන් රනිල් මහත්තයා කියනවා මමත් අපේක්ෂකයා කියලා. කරු මහත්තයත් කතානායක පුටුවෙන් නැගිටින්න බලාගෙන ඉන්නේ .  ඒ අස්සේ රාජිත මහත්තයත් කියනවා එයාටත් පුළුවන්ලූ. ඔක්කොම පඹගාලක පැටලිලා තියෙන්නේ.

ඔය ඔක්කොම තියෙද්දි  අපෙනුත් අහනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමේ  යෝජනාව ආයෙත් ගේනවද කියලා. නෑ ඔගොල්ලන්ට ඔ්න  නම්  ගෙන්න.  දැන් අපි ඒක ගේන මට්ටමේ නෙමෙයි ඉන්නේ. මොකද අපි නායකයෙක් හදලා, ආණ්ඩුවක් ගෙනත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා ඔගොල්ලෝ කවුරුත් අපිට ෂුවර් නැහැ. ලිහලා බලපු මල්ල ආයේ ඔබලා බලන්න දෙයක් නැහැ.

අනිත් පැත්තෙන් ගත්තම මහින්ද මහත්තයට තිබුණ  හොඳම  උත්තරේ  තමයි දැන් මේ  දිලා තියෙන්නෙ. ගෝඨාභය රාජපක්ෂ, ප‍්‍රාදේශිය සභාවකටවත් කවදාවත් පත්වෙච්ච නැති, දේශපාලනය ගැන කිසිම අත්දැකිමක් නැති, වසර ගණනාවක් විදේශ ගතවෙලා හිටියා.  ඇමෙරිකා‌වේ  පුරවැසිභාවය තිබුණා. අදටත් එය නෑ  කියලා ඔප්පු කර ගන්න බැරිව ඉන්න, ජනාධිපතිගේ සහෝදරයා නිසා ඉදිරිපත් කරපු කෙනෙක්.

එතුමා ඉදිරිපත් කළේ වෙන කෙනෙක් නැති නිසා. නැත්නම්  වෙන කෙනෙක්ට එන්න ඉඩක් නැහැ. ගෝඨාභය නැත්නම්  ඒ අයට ඉන්නෙ දාන්න ශිරන්ති නෝනා විතරයි. මම අභියෝග කරනවා පුළුවන්නම්  රාජපක්ෂවරුන්ගේ නෝනා කෙනෙක්ට අවස්ථාව දෙන්න බලන්න.  එහෙම දෙන්නෙ නැහැ.  අද පොදුජන පෙරමුණේ දේශපාලනය වෙලා තියෙන්නේ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය හොදලා ඇරලා රාජපක්ෂලගේ පක්ෂයක් හදාගන්න එකයි. එහෙනම් ඒ අයත් අර්බුදයක ඉන්නේ.  ප‍්‍රධාන පක්ෂ සියල්ලම අර්බුදයක ඉන්නේ .  විකල්පයට ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණ පමණයි’’ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න