තිරිඟුපිටි වැඩි මිලට අලෙවි කළ සිල්ලර වෙළෙදුන් 100 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
පාලන මිලට වඩා වැඩිමිලට තිරිඟුපිටි අලෙවි කරන වෙළෙදුන් සොයා ඊයේ (8) පෙරේදා (7) දීප ව්‍යාප්තව සිදුකළ වෙළඳපොළ වැටලීමේ දී මෙම වෙළෙදුන් අල්ලා ගැනීමට හැකිවූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.
උපරිම සිල්ලර මිල රුපියල් 87 ක් වන තිරිඟු පිටි කිලෝව මෙම වෙළෙදුන් රුපියල් 90, 95 සහ 100 මිලට විකුණා තිබේ.

