Image

එල්නීනෝ තත්ත්වයට මුහුණ දෙන්න කඩිනම් කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

එල්නීනෝ තත්ත්වයට මුහුණ දෙන්න කඩිනම් කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අනාගතයේ දී පැමිණීමට නියමිත එල්නිනෝ තත්ත්වය මුහුණ දීම සඳහා කඩිනමින් ම කාර්ය සාධන බළකායක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 

නැගෙනහිර දිසාවට ඉවත් වන උණුසුම් ජල ධාරාවක්

''විවිධ නාලිකාවල එල්නීනෝ ලානීනා ගැන ලොකුවට දැන් කතා වුනාට මේ සම්බන්ධයෙන් මීට පෙර දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ දී අප්‍රේල් 7 වැනිදා ප්‍රථම වරට කතා කළා. විවිධ රාජ්‍ය ආයතන විශේෂඥයන් කැඳවා මෙය එදා සාකච්ඡා කළා. දෙස් විදෙස් විශේෂඥයන් කියන ආකාරයට එල්නීනෝ සහ ඉන් පසු ලානීනා කියන තත්ත්වය භයංකාර විය හැකි බවට අනාවැකි පළ කරනවා. කැලඹුණු සංක්‍රමනික තත්ත්වයක් තුළ රටක් ලෙස පරිස්සමින් මෙයට මුහුණ දිය යුතු යි. NOAA යන ජාත්‍යන්තර ආයතන විසින් නැගෙනහිර දිසාවට ඉවත් වන උණුසුම් ජල ධාරාවක් නිසා මතුපිට උෂ්ණත්වය ඉහළ යාමක් ගැන භයංකාර ලෙස අනාවැකි පළ කර තිබෙනවා. සුපර් එල්නීනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට 63%ක සම්භාවිතාවක් ඇති බවට අනාවැකි පළවෙනවා. මේ නිසා බරපතළ වියළි කාලයක් සහ වැසි සහිත කාලගුණයක් තුළ අන්තවාදී දේශගුණ හා කාලගුණ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවිය හැකියි.

 

විදුලි උත්පාදනය පවා ගැටලුකාරී විය හැකි යි

කෘෂිකාර්මික ගැටලු, ජල ගැටලුව, වනසත්ව මිනිස් ගැටුම වර්ධනය වීම ඇතුළු ගැටලු සේම පසුව ලානීනා තත්ත්වය නිසා නිශ්චිත කාල වකවානුවෙන් බැහැරව තද වැසිවලටත් මුහුණ දෙන්න සිදුවන නිසා මිනිසාට, සතුන්ට සහ පරිසරයට බරපතළ තර්ජනයක් විය හැකි යි. මේ නිසා ජල ගැටලු වැඩි වී විදුලි උත්පාදනය පවා ගැටලුකාරී විය හැකි යි.

එබැවින් මේ සම්බන්ධයෙන් මුහුණ දීමට වෙනමම කාර්යසාධන බලකායක් ස්ථාපිත විය යුතු යි. එය රාජ්‍ය ප්‍රතිපත්ති සමග එකාබද්ධ වී අභියෝග හමුවේ විසදුම් සෙවීමක් විය යුතු යි. මෙහි දී ජනතාව දැනුවත් කිරීම ද සිදුවිය යුතු යි.'' 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න