වීරවංශගේ ප්‍රතිපත්තියත් ගෝඨා පිළිගනී : මිලිටරි, අන්තවාදී , නව ලිබරල් පාලනයක් සූදානම් !

වීරවංශගේ ප්‍රතිපත්තියත් ගෝඨා පිළිගනී : මිලිටරි, අන්තවාදී , නව ලිබරල් පාලනයක් සූදානම් !

ජනාධිපතිවුවහොත් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති මාලාවක් විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණ විසින් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂ වෙත ඊයේ පිළිගන්වනු ලැබිය. 

ඒ, ඊයේ (08 ) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ජාතික නිදහස් පෙරමුණේ තුන්වන ජාතික මහා සමුළුවේ දී ය.

එහිදී රටේ පාලකයා වූ පසු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු උපායොමාර්ගික යෝජනා මාලාවක් සහිත යෝජනාවලිය ගෝඨාබය රාජපක්ෂ වෙත ජානිපෙ නායක විමල් වීරවංශ විසින් පිළිගැන්වූයේ එය සමුළුවෙහි ඒකමතිකව සම්මත කිරීමෙන් අනතුරුවය.

ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ විද්වත් කණඩායමක් විසින් එම ප්‍රතිපත්ති මාලාව සකසා තිබිණ.   

ජනාධිපති අපේක්ෂක නන්දසේන  ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙන්ම, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර එක්ව සිටි අතර ඔවුන් ද සමුළුව ඇමතිය.

විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් මෙසේ ප්‍රතිපත්ති මාලාවක් වහාම හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ බැසිල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් යුතුව විද්වත් කමිටුවක් විසින් ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් කළ ප්‍රතිපත්ති සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබිය දිය. 

මේ වන විට රට පාලනය කළ යුතු ආකාරය දක්වමින්  වියත්මග නම් ගෝඨා හිතවාදී විශ්‍රාමික හමුදා ප්‍රධානීන් සැකසූ ප්‍රතිපත්ති මාලාවක් ද නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වෙත පවරා ඇත.

ඒ සඳහා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය තමන් ඇතුළු පිරිසක් නායකත්වය දරන දේශප්‍රේමී ආණ්ඩුවක් යටතේ එල්ලා මරණ බවට සඵත කල විශ්‍රාමික  හමුදා ප්‍රධානීයකුද එක්ව තිබේ.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ පාලනය : මිලිටරි , අන්තවාදී නව ලිබරල් එකක් !

දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ මේ වන විට මිලිටරි පාලනයක් වෙනුවෙන් වන වියත්මග ප්‍රතිපත්ති , වීරවංශ ගේ අන්තවාදී ප්‍රතිපත්ති සහ ඉදිරියේ දී බැසිල්ගේ නව ලිබරල් ප්‍රතිපත්ති ඇතුලත් භයානක සහ කිසිසේත්ම ජනතා වාදී නොවන පාලනයක් සම්බන්ධව ප්‍රතිපත්ති සමූහයක් ගෝඨාගේ පාලනයක් වෙනුවෙන් යෝජනා වී ඇති බවක් පෙන්නුම් කරන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න