ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික අපේක්‍ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණක් හමුවන විශේෂ හමුවක් හෙට (10) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සාකච්ඡාව ඊයේ (08) පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව එය කල් දැමීමට සිදු වූ බව එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
යාපනයේ පවත්වන 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ප්‍රදර්ශනය සඳහා සහභාගි වීමට තමන් යාපනයට ගොස් සිටින බැවින් මෙලෙස සාකච්ඡා සඳහා එක්වීමට නොහැකි වී ඇති බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා මෙලෙස ඔවුන් දෙදෙනා පමණක් හමු වී සාකච්ඡා කිරීමට තීරණය වූයේ පක්‍ෂයේ ප්‍රධානීන් අතර පසුගිය 06 වනදා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.
එම හමුවට එ.ජා.ප. නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගි වී නොසිටියේය.

