ගෝඨාගේ නඩුව අත්හිටුවන්න ඉල්ලයි

ගෝඨාගේ නඩුව අත්හිටුවන්න ඉල්ලයි

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග සහ රෝයි සමන්තාන කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ පවරා ඇති නඩු දෙක විභාග යට ගැනීම අත්හිටුවා කල් තබන ලෙස ගෝඨාභය රාජපක්ෂ මෝසමක් මගින් ඉල්ලා ඇත.

පසුගිය අගෝස්තු 11 වැනි දින තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගත් බවත් 2019 දෙසැම්බර් 07 වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් නියත වශයෙන්ම ජනාධිපතිවරයා ලෙස තේරී පත් වෙන බවත් ඔහු එම මෝසමෙන් කරුණු දක්වා ඇත. ඉන්පසු  රාජ්‍ය නායකයෙකුට හිමිවන මුක්තියට තමාටද හිමිවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත. සැප්තැම්බර් 23 වැනි දින අදාල මෝසම කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ දී විවාදයට ගැනීමට නියමිතය.

මෙම නඩුවට අදාළව ගෝඨාභය රාජපක්ෂගේ සහ පැමිණිලි පාර්ශ්වයෙන් ඒකාබද්ධ ප්‍රකාශකයකට අත්සන් තැබිය යුතුය. අගෝස්තු 19 වැනි දිනය සහිත මෙ ඒකාබද්ධ ප්‍රකාශයට දෙපාර්ශ්වයේ න‍ීතිඥයන් අත්සන් තබා ඇත. ජුනි 30 වැනිදා දක්වා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් පුරවැසියන්ගේ නම් ඇතුළත් වන ෆෙඩරල් රෙජිස්ටරයේ තමාගේ නම නැති බව එම ප්‍රකාශයේදී ගෝඨාභය රාජපක්ෂ සදහන් කර ඇත.

අනිද්දා  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න