අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඊයේ (04) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබිණ.
සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.
මෙම පැමිණිල්ල ඊයේ (04) ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලි කරුවකු වූ ගාමිණී වියන්ගොඩ මහතා ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණි.
අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වනදාට කල් තැබුණ අතර අදාළ නඩුවේ පැමිණිලිකරුවන් සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුවක් විවේචනය කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පසුගිය කාලයේ කොළඹ පැවති මහජන රැළියකදී අදහස් දක්වා ඇති බවයි.
ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් නඩු විභාගයක් පවත්වා ඒ වෙනුවෙන් ඔහුට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ආකාරයට අධිකරණ තීන්දු වලට අපහාස කරමින් එහි ගරුත්වය කෙළෙසෙන ආකාරයට හැසිරෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය දැඩි ගෝඨාභය රාජපක්ෂ හිතවාදියකු වන අතර ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියට සහය දීම සඳහා වරින්වර අසාධාරණ වැඩවර්ජන කැඳවා රෝහල් පද්ධතිය අර්බුදයට ලක්කරන බවටද චෝදනා ඇත්තෙකි.

