ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිප ස්ථාවරය : හෙට (03) පක්ෂ සමුළුවේදී !

ජනාධිපතිවරණයේදී ශ්‍රිලනිප ස්ථාවරය : හෙට (03) පක්ෂ සමුළුවේදී !

එළැඹෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් වෙනු ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.

ඊට අදාල නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල හෙට (03) දිනයේ එළි දක්වන බවත් එම වැඩපිළිවෙළ ජනාධිපති සිරිසේන විසින් ඉදිරිපත් කරනු ඇති බවත් ඔහු සදහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටින අතර ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා වන සංවිධාන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් ඇති බව ද පැවසීය.

මේ අතර, පක්ෂය මාරු කර වෙනත් පක්ෂ සඳහා සහයෝගය දැක්වූ මන්ති‍්‍රවරුන්ගේ ධූර අහෝසි කිරීම සම්බන්ධයෙන් මේවනවිට කටයුතු ආරම්භ කර ඇතැයිද ශ්‍රිලනිප ආරංචි මාර්ග මාර්ග සදහන් කරයි.

මන්ත්‍රී ධූර අහෝසි කිරීමේ සූදානමක් !

ඒ අනුව මීට පෙර එක්සත් ජාතික පක්ෂයට එක්වූ මන්තී‍්‍රවරුන් තිදෙනාගේ මෙන්ම, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ මන්ත්‍රිවරුන් දෙදෙනාගේ ද ධූර අහෝසි කිරීමටයි තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක මීට පෙර ආණ්ඩුවට සහය පළ කළ අතර පසුගියදා එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්තී‍්‍රවරුන් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

මේ සම්බන්ධව ශ්‍රිලනිප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරවලින් පාර්ලිමේන්තුවට පිවිස පක්ෂය මාරු කළ මන්තී‍්‍රවරුන්ට එරෙහිව පළමුව පියවර ගැනීමටයි තීරණය කර ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න