මහින්ද දේශප්‍රේමී ලයින් එක මාරු කරයි !

මහින්ද දේශප්‍රේමී ලයින් එක මාරු කරයි !

ඉදිරියේදි පිහිටුවීමට අපේක්ෂා කරන පොහොට්ටුවේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කර පළාත් සභාවට බලතල බෙදීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මාධ්‍යයට හෙළි කර තිබේ.

පසුගිය සති අන්තයේ “සන්ඩේ ටයිම්ස්” පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්, ඔහු මේ බව හෙළි කර ඇත. තම නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බවත් එහිදී අවධාරණය කර තිබිණි.

තමන් යටතේ සම්මත කර ගන්නා නව ව්‍යවස්ථාවෙන් වංචා, දූෂණවලට දඬුවම් ලබාදීමේ ප්‍රතිපාදන තහවුරු කරන බව සහ විශේෂයෙන් මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිව යුත්තන් හට දඬුවම් කරන බවද දක්වා ඇත.

මේ අතර දේශපාලන වේදිකාවලදී මහින්ද රාජපක්ෂ අවධාරණය කරමින් සිටින්නේ, උතුරු සහ නැගෙනහිර පළාත් සභාවලට 13+ බලතල ලබා දීමට ක්‍රියා කරන බවය.

(ලංකා ඉරිදා සංග්‍රහය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න