එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඉවත් වී දෙවන පෙළ දක්ෂ නායකයකුට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය බාරදිය යුතු යැයි එක්සත් නීතිඥ සංගමය පවසයි.
දීර්ඝ කාලයක් පක්ෂ නායකත්වයේ ඉන්නා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැතැයිද ජයග්‍රහණය කළ හැකි නායකයකු පක්ෂයට අවශ්‍ය බවද එක්සත් නීතිඥ සංගමයේ නිලධාරීන් පවසයි.
ඒ කොළඹ ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වන අතර එම අවස්ථාව සඳහා එක්සත් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සමලේකම්වරුන් වන නීතිඥ ගුණරත්න වන්නිනායක සහ අතුල රණගල යන නීතිඥ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම යනු ඒකාධිපති පාලකයකුට මේ රට මල් බදුනක තබා පූජා කිරීමක් විය හැකි බවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එක්සත් නීතිඥ සංගමයේ නිලධාරීන් සඳහන් කල අතර රනිල් වික්‍රමසිංහ සමයේදී එජාපයේ ඡන්ද පදනම බරපතල ලෙස කඩා වැටුණු බවත් ඊට ඔහු වගකිව යුතු බවද එහිදී ඔවුන් පැවසීය.

