ගෝඨා පරණ පාරේ යයි : තරුණ සමුළුව මාධ්‍යට තහනම් කරයි !

ගෝඨා පරණ පාරේ යයි : තරුණ සමුළුව මාධ්‍යට තහනම් කරයි !

ගෝඨාභය රාජපක්ෂගේ තරුණ සමුළුව ආවරණය කිරීම සඳහාවත් මෙරට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යයට ඉඩ ලබාදී නොමැති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ යළි යළිත් ගමන් කරන්නේ ප්‍රජාත්‍රන්තවාදයට, මාධ්‍ය නිදහසට එරෙහි තම සුපුරුදු ගමනේම බව නැවත වරක් ප්‍රායෝගිකවම ඔප්පුකර සිටියේ ඊයේ(24) නෙලුම් පොකුණ රඟහලේ පැවති එම උත්සවයේදීය.

මේ වනතුරු මුද්‍රිත මාධ්‍ය හැර විදෘත් මාධ්‍ය සමග ඔහු සජීවී වැඩසටහන් සමග එක්නොවන අතර දෙරණ, හිරු (රාජපක්ෂවරුන්ගේ මාධ්‍ය ආයතන දෙක) වැනි මාධ්‍ය ආයතන වල සජීවී වැඩසටහන් පවා ගෝඨාභය පෙනී සිටින්නේ පූර්ව පටිගත කිරීමෙන් අනතුරුවය.

මුද්‍රිත මාධ්‍ය පවා ගෝඨාභය රාජපක්ෂ සමග සම්මුඛ සාකච්ඡා ලබාගත් විට පවා එහි මුද්‍රණය සඳහා නිකුත්කරන පිටපත ඔහු වෙත යොමුකර අවසර ලබාගැනීම අනිවාර්යකි.

මින් පෙරද ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී කිසිඳු අවස්ථාවකදී දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය ආවරණ කටයුතු සිදුකිරීමට අවස්ථාව නොදුන් අතර සම්මුඛ සාකච්ඡා සඳහාද ඊට පෙර ප්‍රශ්න යොමුකොට අවසර ලබාගත යුතුව තිබිණ.

බීබීසී වැනි ජාත්‍යන්තර මාධ්‍ය ගෝඨාගේ එම ක්‍රමවේදය අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ අතර ඒ හමුවේ පිළිතුරු දීමට දුෂ්කර ප්‍රශ්න හමුවේ ඔහු ක්ෂණික කෝපයට පත්වෙයි.

දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ මෙම ස්වභාවය තවමත් පාලනය නොවීම හේතුවෙන් ඔහුව මාධ්‍ය වෙත විවෘත නොකිරීමට රාජපක්ෂ කඳවුර තීරණය කර ඇති බවක් නිරීක්ෂණය වන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න