ඩයලොග් සමාගම : ගෝඨා ගේන්න බරටම වැඩ !

ඩයලොග් සමාගම : ගෝඨා ගේන්න බරටම වැඩ !

ඩයලොග් ඇක්සියාටා සමාගම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මහාපරිමාණයෙන්ම ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ඩයලොග් ඇක්සියාටා සමාගම මෙම ව්‍යාපෘතිය සඳහාම නව සේවකයින් 100ක් බඳවාගෙන තිබේ.

මාසිකව රුපියල් ලක්ෂ එක හමාර බැගින් වැටුපකට බඳවාගෙන ඇති මෙම නව සේවකයින් 100 දෙනාටම රාජකාරි ලෙස පැවරී ඇත්තේ විවිධ ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමය.

විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ ගෝඨාගේ ප්‍රචාරණ කටයුතු සහ ඔහුගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ කටයුතු මොවුන්ට පැවරී ඇත.

ඒ අනුව තවත් කෙටිකලක් තුළ සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි හරහා මෙතෙක් නුදුටු අන්දමේ දැවැන්ත ප්‍රචාරණයක් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් දැකගැනීමට හැකිවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

( මූලාශ්‍රය - LNW )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න