පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හැර වෙන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි සහිතව තම කණ්ඩායමේ සහයෝගය ලබාදීමට කැමැත්තෙන් සිටින බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පැවසීය.
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා දීමට එකඟවන බවට ලිඛිතව පොරොන්දු වුවහොත් පමණක් ගෝඨාභය රාජපක්ෂට එරෙහි අපේක්ෂකයාට සහයෝගය දෙන බව ඔහු කීය.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ කවුරුදැයි දන්නා කිසිදු දෙමළ ජාතිකයෙකු ඔහුට සහයෝගය දෙමින් ඡන්දය ලබා නොදෙන බවත් යුද්ධ සමයේ දී අහිංසක මිනිසුන් මිය යාම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ සහ ශවේන්ද්‍ර සිල්වාත් වගකිව යුතු බව ඔහු කීය.
(අනිද්දා )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
