Language Switcher

V2025

රාජපක්‍ෂ මඩට එරෙහිව : ITN වෙතින් CID වෙත පැමිණිල්ලක් !

රාජපක්ෂ පවුලට මඩ ගැසීමට අවශ්‍ය පුවත් වාර්තා කරන ලෙසට ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය විසින් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දන්වා ඇති බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම නාලිකාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමනාකාර චතුරංග ද අල්විස් පවසයි

ඊයේ (22) මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා විජේරාමයේ සිය නිල නිවසේ පැවති පොදුජන පෙරමුණු පක්ෂ නායක හමුවේදි සිදුකළ මෙම ප්‍රකාශයට එරෙහිව කඩිනම් හා විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස එදිනම  (22) ස්වාධීන රූපවාහිනි සේවය වෙනුවෙන් චතුරංග ද අල්විස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විපක්ෂනායකවරයාගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තම නාලිකාව අපකීර්තියට ලක් කිරීම සඳහා එම ප්‍රකාශය සිදු කොට ඇති බවත් ය.

එසේම විපක්ෂනායකවරයාගේ ප්‍රකාශයට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මන්ත්‍රිවරුන්ද සහය පළ කරමින් ප්‍රකාශ ඒඅවස්ථාවේදි සිදු කරන බවත් ඒ සියල්ල සැළසුම් සහගතව නාලිකාව අපකීර්තියට පත් කිරීම සඳහා ම කළ ප්‍රකාශ බවත් ඔහු එහිදි අවධාරණය කළා.

එසේම කූඨ ලේඛන සැකසීම පිළිබඳව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු බවට පත්ව සිටින විමල් වීරවංශගේ මෙවැනි ප්‍රකාශ පිළිබඳව සැකයක් මතුවන බවත් නාලිකාවට අපහාස කිරීම සඳහා මන්ත්‍රිවරයා විසින් අසත්‍ය හා කූඨ ලේඛන සකස් කිරීමට ද නොහැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළා.

ස්වාධීන රූපවාහිනි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොනු කළ පැමිණිල්ල පහත වේ !

ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය සහ ප‍්‍රවෘත්ති අංශය පිළිබඳව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් කරන ලද  අභූත චෝදනා පිළිබඳව විධිමත් හා කඩිනම් පරික්ෂණයක් සඳහා වන ඉල්ලීමයි.

2019 අගෝස්තු මස 21 වන දින විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිවසේදි පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණු පක්ෂ නායක හමුවේදි ස්වාධීන රූපවාහිනියේ  සභාපතිනිය සහ ප‍්‍රවෘත්ති අංශය සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, විමල් විරවංශ සහ උදය ප‍්‍රභාත් ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් සිදුකරන ලද ප‍්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය ප‍්‍රකාශයක් බව සදහන් කිරිමට කැමත්තෙමි.

එම රැුස්විම අතරතුර මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ  ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය තම පවුලට මඩ ගැසිමට අදාල පුවත් වාර්තාකරන ලෙස ප‍්‍රාදේශිය වාර්තාකරුවන්ට දැනුම් දි ඇති බවයි. එම ප‍්‍රකාශය අතරතුර විමල් විරවංශ සහ උදය ප‍්‍රභාත් ගම්මන්පිල මන්ත‍්‍රීවරුන් එය සනාථ කිරිමට උත්සහ දැරු අතර එය තහවුරු කිරිම සදහා විවිධ අසත්‍ය සාධක ගෙන හැර දක්වන ආකාරය දක්නට ලැබුණී.

ඊයේ (21) රාත‍්‍රී 6.55 හිරු ප‍්‍රධාන පුවත් විකාශයෙන් අදාළ ප‍්‍රකාශය සහිත පුවත විකාශය වු අතර ඒ හරහා ජාතික මාධ්‍ය නාලිකාවක් වන  ස්වාධීන රූපවාහිනි සේවයට හිතාමතාම අපකීර්තියක් ඇති කිරිමට විපක්ෂනායකවරයා ඇතුලූ කණ්ඩායම කටයුතු කර තිබෙන බව තහවුරු වේ.

නාලිකාවේ විකාශය වු කොටසට අදාළ සටහන පහත දැක්වේ !

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා : ”දැන් බලන්න අයි.ටී.එන් එක, රූපවාහිනිය පුදුම මඩ ප‍්‍රචාරයක්නේ ගෙනියන්නේ. සභාපතිනිය කියලා තියනවා එයා රජයේ සේවකයෙක්. මේ පවුලට මඩ ගහන්න තියන ඔක්කෝම පරණ කැසට්ස් එක්කාහු කරන්න කියලා.”

විමල් වීරවංශ මහතා : ”ප‍්‍රාදේශිය වාර්තාකරුවන්ටත් දන්වලා එවන්න කියලා.”

උදය ගම්මන්පිල මහතා : ”මොනවා හරි මඩ ගහන්න පුළුවන් තැනක් තියනවා නම් ඒක මාර්ක් කරලා එවන්න කියලා.”

විමල් වීරවංශ මහතා : ”ඔය සභාපතිතුමිය ජේ.වි.පි එකේ දේශපාලන මණ්ඩලයේ හිටපු ජී. ඒ ගුණරත්නගේ නෝනා.”

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා : ”මේක රජයේ ආයතනයක්නේ. රජයේ ආයතනයකට කිසිම අයිතියක් නැහැ තව දේශපාලන පක්ෂකට හෝ අපේක්ෂකයෙකුට, පවුලකට හෝ අපිට මඩ ගහන්න.”

වාසුදේව නානයක්කාර මහතා : ”මැතිවරණ කොමිසමටත් දන්වන්න.”

(මීට අදාළ ප‍්‍රවෘත්ති විකාශයේ වීඩියෝ දර්ශන සීඞී තැටියක් මගින් මේ සමග අමුණා ඇත.)

ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය හෝ ඉහළ කළමනාකාරිත්වය කිසිදු අවස්ථාවක විපක්ෂනායකවරයා සිදුකරන ආකාරයේ නියෝගයක් ප‍්‍රාදේශීය වාර්තාකරුවන්ට හෝ ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන්ට හෝ දැනුම් දි නැති බව ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කිරිමට කැමැත්තෙමි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා,විමල් විරවංශ මහතා සහ උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා යන අය සිදුකරන ප‍්‍රකාශය අසත්‍ය මෙන්ම පදනම් විරහිත ප‍්‍රකාශයක් බව තරයේම අවධාරණය කරන අතර එවැනි අසත්‍ය ප‍්‍රකාශයන් හරහා රාජ්‍ය මාධ්‍ය ආයතනයකට සිදුකරන ලද හානිය අතිමහත්ය.

”ප‍්‍රාදේශිය වාර්තාකරුවන්ටත් දන්වලා එවන්න කියලා.” යනුවෙන් විමල් විරවංශ මන්ත‍්‍රීවරය කරන ප‍්‍රකාශය ඉතා බරපතල බව පෙන්වා දීමට කැමති අතර කූඨ ලේඛන සකස් කිරිම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ චුදිතයෙකු වන ඔහු විසින් එවැනි ප‍්‍රකාශයක් සිදුකිරිම බරපතල සැකයක් ජනිත කිරිමට හේතුවකි. මන්දයත් ඒ ආකාරයේ ව්‍යාජ,කූඨ ලේඛනයන් සකස් කර නාලිකාවට අපකීර්තියක් ඇති කිරිමට ඔහු උත්සහ දරනවාද යන හේතුවයි.

අනෙක් අතට විමල් විරවංශ මන්ත‍්‍රීවරයා විසින් සභාපතිතුමියගේ පෞද්ගලික ජීවිතය මෙම අවස්ථාවට ඈඳා ගැනීම හරහා පෙනි යන්නේ පැහැදිළි ලෙසම සභාපතිනියටත්, මාධ්‍ය ආයතනයටත් අපහාස කිරීමට හා ඒ හරහා අපකීර්තියක් ඇති කිරීමට ඔහුට ඇති අවශ්‍යතාවයයි.

වත්මන් රජය යටතේ ස්වාධීන රූපවාහිනි නාලිකාව රාජ්‍ය නාලිකාවක් ලෙස තම වගකීම සහ යුතුකම් නිසි ලෙස ඉටු කරමින් ජනතාව අතර ඉහළ පේ‍්‍රක්ෂක විශ්වාසයක් දිනා ගැනීමට සමත් වූ නාලිකාවකි. අතීතයේ රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් පුද්ගලයන් ඉලක්ක කර සිදු කළ මඩ ගැසීම් සිදු නොවන බව වගකීමෙන් යුතුව සඳහන් කිරීමට කැමැත්තෙමි. නමුත් පසුගිය කාලය පුරාවට නාලිකාව තුළ සිටිමින් රජයට එරෙහිව දේශපාලනය කරන කණ්ඩායම් නාලිකාව අපකීර්තියට පත් කිරීමට කටයුතු කළ අතර සභාපතිනිය සහ ඉහළ කළමනාකාරීත්වය ඉලක්ක කර  අසත්‍ය ප‍්‍රචාරයන් ගෙන යන ලදි. පසුගිය අගෝස්තු 16 හෝ ඊට නුදුරු දිනයකදි විපක්ෂනායකවරයාගේ ඉහත ප‍්‍රකාශයට සමාන අසත්‍ය පෝස්ටුවක් සමාජ ජාලා හරහා සංසරණය වී තිබුණි.

(එම සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වූ පෝස්ටුවද මේ සමග අමුණා ඇත.)

ඒ අනුව මේ වන විට එම දේශපාලන අතකොළුවන් භාවිතා කරමින් නාලිකාවට එරෙහිව කුමන්ත‍්‍රණයක් දියත් වන බව ඉතා පැහැදිලිය. එබැවින් වහාම ඉහත ප‍්‍රකාශය කවර පදනමක් මත සිට කරන ලද්දක් ද යන්න පරීක්ෂණයක් සිදු කර ඊට එරෙහිව නීතිමය කටයුතු කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.