කොළඹ නගරය දකුණු ආසියාවේ හොඳම - අලංකාර නගරය කරනවා - අගමැති රනිල්

කොළඹ නගරය දකුණු ආසියාවේ හොඳම - අලංකාර නගරය කරනවා - අගමැති රනිල්

දකුණු ආසියාවේ අලංකාර සහ හොඳම නගරය බවට කොළඹ නගරය පතිකිරීම තම බලාපොරොත්තුව බවත් ඒ සඳහා නවීන තාක්ෂණය යොදාගෙන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී කොළඹනගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර අවුරුදු 50 – 60 ක කාලය තුලදී ඉටු කිරීමට නොහැකි වූ ඉතා විශාල සංවර්ධන කටයුතු රැසක් කොළඹනගරයේදී මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසදුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක වන බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවයේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

"කොළඹ නගරය නවීකරණය කර ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කැපවී වැඩකටයුතු කර තිබෙනවා. එයින් එක් ප්‍රතිඵලයක් ලෙස මෙම බෝට්ටු සේවාව හැදින්විය හැකියි.

කොළඹ නගරය අලංකාර නගරයක් බවට දැන් පත්වී තිබෙනවා. එසේම නවීන තාක්ෂණය යොදා ගනිමින් එම නගරය තවත් දියුණු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඉදිරි වසර 03ක් තුලදී කොළඹට අලූත් මාර්ග පද්ධතියක් එකතු වෙනවා. සැහැල්ලූ දුම්රිය මාර්ග සහ කුළුණු මතින් ඉදිවෙන මාර්ග යනුවෙන් කොළඹනගරයේ අලූත් මාර්ග පද්ධතියක් ඉදිවෙමින් පවතිනවා. මෙම දියුණුව සමගින් කොළඹනගරය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපිට හැකියාවක් ලැබෙනවා.

කොළඹ සංවර්ධනය කරන නිසි සැලැස්මක් පසුගිය රජයන්ට තිබුණේ නෑ !

කොළඹ නගරය සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජයන්වලට කිසිදු සැලස්මක් තිබුණේ නැහැ. කොළඹ නගරය සංවර්ධනය කිරීමේ නිසි සැලැස්ම අපි විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. එහි ප්‍රථිපල මේ වන විට ලැබෙමින් පවතිනවා.

ඉදිරියේදී දේශීය සහ විදේශීය ආයෝජන ලබාගෙන ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කරනවා. මහා මාර්ග පමණක් නොව අධ්‍යාපනය, සෞඛ්‍ය, සංචාරක යන විවිධ ක්ෂේත්‍රවලින් කොළඹ නගරය සංවර්ධනය කරනවා.”

කොළඹ කුණු ප්‍රශ්නය විසදීම සඳහා අපිත් සමග කොළඹ මහ නගර සභාව එක්ව කටයුතු කළ යුතු බව පැවසූ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අරුවක්කාලූ අංගනයෙන් පුත්තලම අවට ජනතාවට කිසිදු අපහසුතාවයක් ඇතිවීමට ඉඩ ලබා නොතබන බව ද පැවසීය. මෙම යාත්‍රා සේවය මහජනතාවගේ බඳු මුදලින් නොව රාජ්‍ය ඉඩම් සංවර්ධන සංස්ථාව මෙම වසරේ ලබාගත් ලාභය යොදා ගනිමින් සිදු කර ඇති බවත් එම නිසා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව විසින් අපේ අමාත්‍යාංශය අංක 01 බවට ශ්‍රේණිගත කර ඇති බව ද පැවසීය.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, මුජිබර් රහුමාන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් , දේශපාලඥයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

{gallery}bere{/gallery}

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න