මාතර රැළිය නවත්වන්න වැස්සටවත් බෑ : අගමැති කාර්යාලයේ මෙහෙයුම මෙන්න !

මාතර රැළිය නවත්වන්න වැස්සටවත් බෑ : අගමැති කාර්යාලයේ මෙහෙයුම මෙන්න !

වැසිබර කාලගුණය මධ්‍යයේ වුවත් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ අද (23) පැවැත්වෙන " මුළු රටටම සජිත් එනවා - ඔබත් එන්න මාතරට" රැළිය අනිවාර්යයෙන් පැවැත්වෙන බව සංවිධායකයන් දන්වයි.

නිව්ස් ටියුබ් වෙත අදහස් දක්වමින් සංවිධායක මණ්ඩල ප්‍රධානියකු සඳහන් කර සිටියේ අදාළ රැළිය සම්බන්ධව අභූත සහ සාවධ්‍ය ප්‍රචාර රැසක් මේ වන විටත් දියත්කර ඇති බැවින් ආරම්භ කළ සටන ජයග්‍රහණයෙන් අවසන් කිරීම වෙනුවෙන් "කුඩයක් රැගෙන රැළියට එන්න" කියා සියලු පාක්ෂිකයන්ට දන්වන බවය.

IMG 20190823 WA0001

මාතර රැළිය කඩාකප්පල් කිරීමේ තැතක් : අගමැති කාර්යාලයේ වැඩක් !

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ අද මාතර රැළිය අසාර්ථක කරවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා මෙහෙයුමක් දින කිහිපයක සිට දියත්කර තිබූ බවය. එහි තීරණාත්මක කටයුතු කිහිපයක් ඊයේ (22) රාත්‍රිය වන විට ක්‍රියාවට නංවා තිබු බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ පිරිසක් අනෝමා ගමගේ අමාත්‍යවරිය කැඳවා අද (23) දිනයේ එක්සත් වනිතා පෙරමුණේ විශේෂ හමුවක් සංවිධානය කිරීමට උපදෙස් නිකුත්කර ඇත.

ඊයේ රාත්‍රියේ මේ දැනුම්දීම් සිදුකර ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීවරියන්, අමාත්‍යවරියන් මෙන්ම වනිතා පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ශව ඊට කැඳවා තිබේ.

එසේම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහභාගී වන ලෙස දන්වා සාදයක්ද අද සංවිධානය කර ඇති අතර මාතර රැළිය වෙත නොගොස් ඊට පැමිණෙන ලෙස සියලු මැති ඇමතිවරුන් වෙත දන්වා ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

තවද අද (23) මාතර පැවැත්වෙන රැළියේ දී එජාප බහුතරය සජිත් අමාත්‍යවරයා සමඟ ගමනක් සඳහා සූදානම් බව තහවුරුව ඇති නිසා ඊට සහභාගී නොවන ලෙස එජාප ක්‍රියාකාරීන් වෙත විශේෂ පණිවිඩ තබා ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

FB IMG 1566499142210

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න