සජිත්ගේ රැළිය අල කරන්න සාදයක් !

සජිත්ගේ රැළිය අල කරන්න සාදයක් !

‍එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානමින් සිටින සජිත් ප්‍රේමදාස වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර විසින් අගෝස්තු 23දා සවස මාතර නගරයේදී සංවිධානය කර ඇති ජන රැලියට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගිවීම අවම කිරීම සඳහා අගමැති කාර්යාලය විසින් සාදයක් සංවිධානය කර ඇතයි වාර්තාවේ

පොදු පෙරමුණ ආණ්ඩුවට වසර 04ක් සැපිරීම සඳහා යයි පවසමින් අරලියගහ මන්දිරය තුල සංවිධානය කර ඇති මෙම සාදයට තම තමන්ගේ පවුලේ සාමාජිකයින්ද කැටුව එන්නැයි ආරාධනය කර තිබීම සුවිශේෂ කාරණයකි.

කෙසේවුවද මාතර රැස්වීමට සහභාගිවීමට සුදානමින් සිටින එජාප මන්ත්‍රීවරුන් අගමැති කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ, මාතර සිට කොළඹට ඒමට ගතවන්නේ පැයකට ආසන්න කාලයක් බැවින් සජිත්ගේ රැස්වීමට සහභාගිවී සාදයට එන බවයි.

'සජිත් එනවා මුළු රටටම..'' යන තේමාව යටතේ අගෝස්තු 23 මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජන රැලිය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිත අතර 'සිරස' හා 'සියත' නාලිකා ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

(ලීඩර් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න