ශවේන්ද්‍රගේ පත්වීමට : UNHRC විරෝධය !

ශවේන්ද්‍රගේ පත්වීමට : UNHRC විරෝධය !

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරිම ගැටලුකාරී තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී මිෂෙල් බැචෙලෙට් පවසන්නීය.

ඇය සඳහන් කරන්නේ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය උල්ලංගණය කිරීම් පිළිබඳව චෝදනා එල්ල වී ඇති බවයි.

“ලුතිනන් ජෙනරාල් සිල්වාගේ උසස්වීම මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවේ සන්දර්භය තුළ යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ කැපවීම දැඩි ලෙස බිඳ දමයි” යැයි ඇය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ එක්වීමට ගැටලුවක් ඇතිකරනු ඇති බවත් ඇය පවසන්නීය.

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ශවේන්ද්‍ර සිල්වා මේ වසරේ මාර්තු මාසයේදී පත්කළ අවස්ථාවේ ද ඊට සිය කනස්සල්ල පළ කිරීමට මිෂෙල් කටයුතු කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න