එජාප මන්ත්‍රී කණ්ඩායම් හමුව මිනිත්තු 45 යි !

එජාප මන්ත්‍රී කණ්ඩායම් හමුව මිනිත්තු 45 යි !

අරලිය ගහ මන්දිරයේ ඊයේ (19) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ජනපති අපෙක්ෂකයෙක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජතික පෙරමුණ ස්ථාපිත කිරිමේ කටයුතු ගැන අවධානය නොකර විනාඩි 45කින් අවසන්ව ඇති බව වාර්තා වෙයි.

රැස්වීම ආරම්භයේදීම අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් ගැන කථා නොකර හෙට (20) පාර්ලිමේන්තුවේ සිදුකරන කටයුතු ගැන පමණක් අවධානය යොමුකරන ලෙසයි.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මෙම රැස්වීමට එක්වීමෙන් පසුව මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත්තේ 2015න් පසු අඩුම කාලයක් තුළ අවසන් කළ ආණ්ඩු පක්ෂ රැස්වීම මෙය බවයි.

එසේම “කිසිම මන්ත්‍රිවරයෙක් හෝ අගමැතිවරයා ජනාධිපති අපේක්ෂකයා ගන කථා කළේ නැ.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර පවසා ඇත.

අගමැතිට අත්සන් 55ක ලිපියක් !

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එක්ව සතියක් ඇතුළත් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ කටයුතු හා ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ ස්ථාපති කිරීමේ කටයුතු අවසන් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 55කගේ අත්සන් සහිත ලිපයක් අගමැතිවරයාට ඊයේ භාර දී තිබේ.

ඒ අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර විසිනි.

අදාල සම්බන්ධව මේ සතියේ බදාදා වන විට තීරණයක් ලබා දිය හැකි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

තීරණයක් නැත්නම් තීන්දුවක් ගන්නවා - අජිත් පී.පෙරේරා 

මේ අතර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය අජිත් පී පෙරේරා පවසා සිටියේ මන්ත්‍රී කණ්ඩායම යොමුකළ ලිපිය අනූව කටයුතු සිදුවන්නේ නැත්නම් තම පාර්ශවය තීන්දුවක් ගන්නා බවයි.

එජාපයට ජයග්‍රහණය කරන්න පුළුවන් : සාකච්ඡා ඒ නිසයි - හේෂා

ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පවසා ඇත.

"මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කිහිප වාරයක්ම සාකච්ඡා කළා. නිර්මාණය වෙලා තියෙන තත්ත්වය උඩ එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණයක් කරා යෑමට හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා. ඒකේ තවත් පියවරක් විදිහටයි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් සාකච්ඡා කරන්නේ. පේන ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරගන්නයි සූදානම් වෙලා ඉන්නේ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න