කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අද (05) අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කළ දිසානායක මන්ත්‍රීවරයා මියයන විට 61 වන වියේ පසුව ඇත.
1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත් වූ සාලින්ද දිසානායක නියෝජ්‍ය ඇමැති, කැබිනට් නොවන ඇමැති සහ කැබිනම් ඇමැති ධූර රැසක් හෙබවූවෙකි.
පසුගිය සමයේ ඔහු පොහොට්ටු පක්ෂයට සම්බන්ධව දේශපාලනය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
