ජනාධිපතිවරයා මුදල් ලේකම්වරයා බවට පත් කරපු කෙනාගේ ක්‍රියාමාර්ගය අනුව කෝටි අසූවකට වඩා වැඩි එදා වටිනාකමට අද සමහරවිට ඩොලර් එක උඩට ගියොත් ඒ වටිනාකම තව වැඩිවෙන්න පුළුවන්. කෝටි අසූවට වඩා වැඩි ගණනක් අන්තරස්දහන් වෙලා ඒත් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් අමාත්‍යාංශය මහ බැංකුව ආණ්ඩුව තාම නිදියැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ඒ හොරණ දී මාධ්‍යවේදීන් හමුවේ තම අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
ඉන්දියාවට කච්චතිව් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බැහැ
''ජේවීපී එකේ න්‍යාය පත්‍රය කෙසේ වෙතත් මේ රට තුළ නැවත බෙදුම්වාදයවත් මේ රට බෙදන්නවත් එහෙම නැත්නම් මේ රට කෑලිවලට බෙදලා පාලනය කරන යුගයේ අවසන් කරලා ඉවරයි. ඒ හින්දා තවදුරටත් ත්‍රස්තවාදයටවත් බෙදුම්වාදයටවත් හිස ඔසවන්න මේ රටේ ඉඩක් නෑ. ඒ වගේම තමයි දේශපාලන වේදිකාවේ නොයෙක් අය නොයෙක් කතා කියනවා. ඉතින් ආණ්ඩු පක්ෂයේ ඉන්න දේශපාලනඥයෝ කියාගන්නා සමහර අය නොයෙකුත් බොළඳ කතා කියනකොට විපක්ෂයෙන් අර්ජුනාටත් හිතෙන්නේ නැති බොළඳ කතාවක් කියන්න ඕන කියලා. මොකද ඒ අයට තේරෙන භාෂාවෙන් එපැයි කියන්න. ඉතින් බොළඳ කතාවට බොළඳ කතාවෙන් උත්තරයක් දීලා තියෙනවා. වක්‍රාකාරවත් සෘජුව වත් කුමන හෝ හේතුවක් මත ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක මහ ඇමතිවරයෙක්ට තීන්දු තීරණ ගන්නබැහැ. ඉතින් ඒ වගේම තමයි සෘජුව හෝ වක්‍රව හෝ කුමන හෝ ආකාරය වත් ඉන්දියාවට කච්චතිව් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නත් බැහැ. ඒ අයට අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් මං මේ පිළිබඳව ලංකාවේ වගේම ඉන්දියාවේ ප්‍රසිද්ධ මාධ්‍යයේ අදහස් දක්වලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලිවම වගකියන්න ඕන. ඒවගේම තමයි මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා රටේ ජනාධිපතිවරයා; ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනවාරි මාසයයේ මේ පිළිබඳව දැනුම් දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ජනවාරි මාසයේ දැනුම් දීලාත් ජනාධිපතිවරයා ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ ඇයි කියලා කියන ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම තමයි මුදල් ලේකම්වරයා දේශපාලන පත්වීමක්. ඔහු මේ අයගේ දේශපාලන වේදිකාවේ පමණක් නෙවෙයි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවත් නියෝජනය කරපු කෙනෙක්. ඉතින් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක් ගිහිල්ලා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කරලා ඒ ලේකම්වරයා බවට පත් කරපු කෙනා ගේ ක්‍රියාමාර්ගය අනුව කෝටි අසූවකට වඩා අන්තරස්දහන් වෙලා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හැකර් කෙනෙක්
දැන් මේක ඇවිල්ල හැකර්ලා ගේ ආණ්ඩුවක් නේ... ගල් අඟුරු එකටත් හැකර් කෙනෙක් පැනලා ඒක බාල වෙලා. පෞද්ගලික බැංකුවටත් හැකර් කෙනෙක් පැනලා බිලියන 13ක් අතුරුදහන් වෙලා. දැන් මුදල් අමාත්‍යංශය ණය ගෙවන තැනටත් හැකර් කෙනෙක් පැනලා කෝටි අසූවක් අතුරුදහන් වෙලා. තැපැල් දෙපාර්තමේන්තුවට ඒකටත් හැකර් කෙනෙක් පැනලා. ඇයි වරායට අර කන්ටේනර් 323 හැකර් කෙනෙක් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අලුත්ම න්‍යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හැකර් කෙනෙක් ගානේ පත්කරනවා පක්ෂෙන්. ඉතින් හොඳයි මේ ආණ්ඩුවේ පික්පොකට් න්‍යාය පත්‍රය වෙනස් වෙලා දැන් හැකර් න්‍යාය පත්‍රය බවට පත්වෙලා තියෙනවා. හැබැයි ඉතින් අවසානය මේ හැම පාඩුවක් ම ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ආණ්ඩුවේ මන්ත්‍රීවරු දේශපාලන වශයෙන් පාර්ලිමේන්තුවේ කයිවාරු ගහයි. පහුකාලීනව දේශපාලනයෙන් අයින් වෙලා ගෙවල් වලට යයි. හැබැයි ඉතිං මේ රටේ රාජ්‍ය යන්ත්‍රණය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව බුද්ධි අංශ, වරාය, ගුවන්තොටුපළ, කස්ටම් එක, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව ඉතින් මේ වගේ ගෞරවය ආරක්ෂා කරගෙන මේ නිලධාරීන්ට වගේම දේශපාලන අධිකාරියටත් ඉස්සරහට යන්න වගකීමක් තියෙනවා.
මැයි දිනයේ කම්කරුවො ගැන කතා නෑ
පැහැදිලිවම ඒ පිළිබඳව අවිශ්වාසයක් තියෙනවා සමාජයට සැකයක් තියෙනවා. හැබැයි ඒ පිළිබඳව ප්‍රකාශ කරන අය ගෙන් කට උත්තර ගන්න ගේනවා. දැන් අපි දැක්කා විපක්ෂයේ අයටත් මේ සම්බන්ධයෙන් කට උත්තර ගන්න එන්න කියලා තියෙනවා. සමහරවිට ඉදිරියට ප්‍රශ්න අහන ඔබටත් එන්න කියයි කට උත්තර දෙන්න කොහොමද ප්‍රශ්නය හොයාගත්තේ කියලා. ආණ්ඩුව පැහැදිලිවම මර්දනයෙන් දේශපාලනය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ආණ්ඩුවත් මේක අසූඅට අසූ නමය නෙමෙයි කියලා මතක තියාගන්න ඕනේ. ඒක ඒ කාලේ ඉතින් ෆේස්බුක් තිබ්බෙ නෑ, මාධ්‍ය තිබ්බෙ නෑ. ඔය වගේ ඒව කරලා බේරෙන්න පුළුවන් බොරුවක් කියලා හැබැයි අද එහෙම බෑ. ආණ්ඩුව පැහැදිලිවම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.ඉතින් ඒ හින්දා තමයි තමන් ගේ මැයි දින වේදිකාවේ අනුන් ගේ නඩු ගැන කිව්වේ. තමන් ගේ වේදිකාවේ කම්කරු ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් නම් කම්කරුවා ගැන කතා කරන්න ඕනේ. වතුකම්කරුවා ගේ ගැටලු කොච්චර තියනව ද...? ඒවට විසඳුම් දෙන්නේ කොහොම ද, ඒව පිළිබඳව අවබෝධයක් තියෙන කියන එකක් නෙවෙයි. අනිත් අය හිරේ දාන එක ගැන තමයි කතා කරන්නේ. මේ රටේ ගොවියා ධීවරයා කම්කරුවා කොච්චර අසරණ වුණත් කමක්නෑ අර එක්කෙනෙක් කිව්වෙ බලය දෙන්නෙ ම නෑ කියලා .බලය දෙන්නෙ ම නෑ කිව්වා. බලාගමු කිව්වා ගන්න අයව. ඉතින් අපිට කියන්න වෙන්නෙත් ජනතාවට තමන් ගේ ජීවන රටාව සාර්ථකව ඉදිරියට අරගෙන යන්න වගකීමකින් කටයුතු කර ගන්න බැරිනම් අපිත් බලා ගන්නම්.
පැලැස්තර ගහගෙන කොච්චර දුර යන්න පුළුවන්ද...?
බලයට ආවේ පැයට කිලෝමීටර් දාහකින් යවනවා කියලා හැබැයි දුම්රිය විස්සට අඩු කරලා තියෙනවා.මේ රටේ දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය වෙන්න ඕනේ ඒ සඳහා මුදල් ආයෝජනය කරන්න ඕනේ.ඒ වගේම තමයි නව වැඩපිළිවෙළකට යන්න ඕනේ. අවසානයට සුද්දගෙන් පස්සේ මේ මාර්ග පද්ධතිය නවීකරණය කරන්න කටයුතු කළේ මහින්ද රාජපක්ෂ. ඊට පස්සේ අද වෙනකන් දුම්රිය මාර්ග අඩුම තරමේ දිට්වා කුණාටුවට හෝ ගං වතුරට හානි වෙච්ච මාර්ගයවත් හදා ගන්නබැරි ආණ්ඩුවක් තමයි පත්වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සඳහා තිරසාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. ආණ්ඩුවේ කයිවාරුවෙනුයි බොරු වලිනුයි මර්දනයෙනුයි මේ ප්‍රශ්නවලට විසඳුම් හම්බවෙන්නේ නෑ. පැලැස්තර ගහගෙන යන්න පුළුවන් හැබැයි කොච්චර කල් පැලැස්තර ගහගෙන යන්න පුළුවන්ද...? ජනාධිපතිවරයා දේශපාලනඥයෙක්නේ හැබැයි අධිකරණ ඇමැතිවරයා... ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරපු කෙනෙක් සහ නීතිඥවරයෙක් විදියට අධිකරණයේ පෙනී හිටපු කෙනෙක්. එවැනි කෙනෙකුත් එහෙම කරාම ලැජ්ජයි නේ. ජනාධිපතිතුමා අපි කියමු මොකද දේශපාලනඥයෙක් කියලා හැබැයි අධිකරණ ඇමතිවරයා බවට පත්වෙලා තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ කාලයක් සේවය කරපු නීතිඥවරයෙක් විදිහට පෙනී සිටපු නීතිඥ සංගමය නියෝජනය කරපු කෙනෙක්. හැබැයි ඔහුත් ඒ විදියට හැසිරෙනවා නම් අපි තව කාටද ඇඟිල්ල දික් කරන්නේ.
එයාර් බස් එකට පැලවත්තෙ හැකරෙක් පැනලා
ජනාධිපතිවරයා නීතිඥයෙක් නෙවෙයි කියමුකෝ හැබැයි අධිකරණ ඇමතිවරයාට තිබුණා තමන්ගේ ජනාධිපතිවරයාට සහ කැබිනට් මන්ත්‍රීවරුන්ට කියන්න අධිකරණයේ පවතින නඩු දේශපාලන වේදිකාවේ අපි කිව්වොත් ඒක දේශපාලනීකරණය කරන්න උත්සාහ කරොත් ඒක හරි නෑ කියලා. එහෙම නැත්නම් අපි නඩුතින්දුව දැක්කා කියමුකෝ ඒක අඩුම තරමේ ඒක කියන්න එපා කියලා හරි උපදෙස් දෙන්නකෝ. ඉතින් ජනාධිපතිවරයාට වඩා ලැජ්ජ වෙන්න ඕන නීතිඥවරයෙක් වන අධිකරණ ඇමැතිවරයා. එයාර් බස් එකත් රාජපක්ෂලා ගේ ඇඟේ ගහන්න හැදුවනේ බලහත්කාරයෙනුත් කට උත්තරයක් ලියා ගත්තනේ. දැන් ඔය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එන්න කියල කියන්නෙත් ඒ බලහත්කාරයෙන් තර්ජනය කරලා බලෙන් ලියා ගත්ත කට උත්තරයෙන්. ඔහු දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා. හැබැයි දැන් එළිවෙනවා එයාර් බස් එකට පැනපු හැකර් කවුද කියලා. දැන් බලනකොට එයාර් බස් එකට පැනපු හැකරුත් පැනලා තියෙන්නේ පැලවත්තේන්.
දැන් පවතින්නේ හැකර් න්‍යාය
බාල ගල් අඟුරු ලංකාවට ආවේ යුද්ධයක් නිසා නෙවෙයිනේ. ලෝකේ වැඩිම ලංසුවට තෙල් මිලදී ගත්තු ඩොලර් 286 ක් බැරල් එකකට වියදම් කරපු එකම රට බවට ලංකාව පත්වුණා නම් අපේ අසල්වාසි රටක්වත් එච්චර වියදම් කරේ නැත්නම් යුද්දෙට බැණලා වැඩක්නෑ නේ. වරායෙන් කන්ටේනර් 323 පැන්නුවේ යුද්දෙ නිසා නෙවෙයි නේ. ඔය එයා බස් එකට පරණ ගුවන්යානයක් වැඩි මුදලකට ගෙනාවේ යුද්දෙ නිසා නෙවෙයිනේ. මුදල් අමාත්‍යංශයට හැකර් කෙනෙක් පැන්නේ මාලිමාවේ යුද්දෙ නිසා නෙවෙයි නේ. තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් දක්ෂ හයක් වැරදි ගිණුමකට දැම්මේ යුද්දෙ නිසා නෙවෙයිනේ.මාර්ග සංවර්ධන අධිකාරියෙන් මුදල් වැරදි ගිණුමකට දැම්මේ යුද්දෙ නිසා නෙවේනේ. ඉතින් ඒ නිසා ඔය කතා තමන්ගේ පක්ෂ කාරයාලයේ කාර්ය මණ්ඩලය සතුටු කරන්න හොඳයි. යහපාලන ආණ්ඩුවෙනුත් පුංචිකාර් එකක් ගන්න නංගි කෙනෙකුත් ආවා. ජේවිපි ආණ්ඩුවෙන් ජපන් බයික් එකක් ගන්න මල්ලි කෙනෙක් ආවා. ඉතිං අඩු ගානෙන් ඉදිරි කාල සීමාව තුළ අපි සැලැස්මක් හදන්නම් ඇත්තටම ඒක යථාර්ථයක් කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. දැන් යුරෝපා සංගමයටත් පැමිණිලි කරලා මේ ආණ්ඩුවේ වංචාවන් සම්බන්ධයෙන්. යුරෝපා සංගමයටත් පැමිණිලි කරන තැනට මේ ආණ්ඩුව දැන් දූෂිත වෙලා. ඉතින් ඒ හින්දා තමයි අර පිට්පොකට් න්‍යාය අපේ ගමේ තිබිච්ච කතාව හැබැයි දැන් හැකර්ගෙ න්‍යාය.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
