පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ග්‍රසය සමග මින් ඉදිරියට එක්ව කටයුතු කරන බවට වූ ගිවිසුමක් එම පක්ෂ දෙන අතර ඇති කරගෙන තිබේ.
මැතිවරණ කොමිසම ඉදිරියේ ලියාපදිංචි කර තිබෙන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන නාමයෙන් ඉදිරියේදී එම පක්ෂ දෙකම කටයුතු කිරීමට අගෝස්තු 1වැනිදා ඇති කර ගත් එම ගිවිසුමෙන් එකඟ වි තිබේ.
ඒ අනුව පක්ෂ දෙකම එක ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කර ඇත. එම පක්ෂ දෙක මැතිවරණ කොමිෂන් සභාවට එම ගිවිසුම හා ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කර තිබේ.
(අනිද්දා)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
