අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(21) පස්වරු 2ට රැස්වීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වන්නේ මෙතෙක් ලැබී ඇති සාක්ෂි විමර්ශනය කිරීම සඳහා බවත් වාර්තා වෙයි.
එහිදී කාරක සභාව හමුවේ මෙතෙක් සාක්ෂිකරුවන් ලබාදී ඇති සාක්ෂි සනාථ කර ගැනීම සඳහා නැවත එම සාක්ෂිකරුවන් කැඳවීමට අවශ්‍ය වුවහොත් කැඳවීමට නියමිත බවත් වාර්තා වෙයි.
තවද නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් ලබාදුන් තොරතුරු අනුව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත බවත් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ද මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම විශේෂ කාරක සභාව නැවත කැඳවීමට නියමිතව ඇත්තේ එළඹෙන 26 වැනිදාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
