මඩකලපුව විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.
අද(21) උදෑසන පාර්ලිමේන්තුව හමුවේ එම කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මන්ත්‍රීවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
එසේම විශ්වවිද්‍යාලයට අයත් සියලූම වත්කම් හා දේපල නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වා ගෙන යා යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාව විසින් නිර්දේශ කර තිබේ.
එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ වගකිව යුතු සියලූම වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය පියවර ගන්නා ලෙසත් ආශු මාරසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
