ශවේන්ද්‍රට සේවා දිගුවක්: ඊළඟ හමුදාපති ?

ශවේන්ද්‍රට සේවා දිගුවක්: ඊළඟ හමුදාපති ?

යුධ හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීළඟ හමුදාපති ලෙස පත්කිරීමට ඉඩ ඇති බවය.

වාර්තා වන ආකාරයට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත මාස 6 ක කාලයක් සදහා සේවා දිගුව හිමිව ඇති අතර මේ සේවා දිගුව නොලැබුණානම් ඔහු එළැඹෙන ජුනි 21 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබිණ.

ඒ ජුනි 21 වනදාට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට වයස අවුරුදු 55ක් පිරීම නිසාය.

වත්මන් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක වෙත මේ වන විට සේවා දිගු දෙකක් මේ වන විට ලබා ඇති අතර ඔහුගේ දෙවැනි සේවා දිගුව 2019 අගෝස්තු 19 වනදායින් අවසන් වෙයි.

ජනාධිපතිගේ වැඩ ෂුවර් නෑ !

කෙසේ වුවත් ජනාධිපති සිරිසේන ගේ තීරණය මත සියල්ල තීන්දු වන බැවින් කවුරු මීලඟ හමුදාපති වේදැයි කිව නොහැක. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධව අනාවරණයකි.

සබැදි පුවත

හමුදාපති ධූරයට සීතල යුද්ධයක් : ජය ශවේන්ද්‍රටද ? සත්‍යප්‍රියටද ?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න