මිහින්තලේ පුදබිමේ යකා නටපු : පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට !

මිහින්තලේ පුදබිමේ යකා නටපු : පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට !

මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී තරුණයන් පිරිසකට අද (17) අලුයම පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කළැයි කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රණසිංහ ආරච්චිලාගේ නිපුන මධුසංඛ රණසිංහ නැමති පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන අතර අත්අඩංගුවට ගනු ලැබු සැකකාර මන්ත්‍රීවරයා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී එම ස්ථානයේ රැදි සිටි තරුණයන් පිරිසක් සහ මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය කියයි.

මෙම ගැටුමේදී මන්ත්‍රීවරයා විසින් තමන්ට පොල්ලකින් පහරදුන් බවද ගැටුමෙන් තුවාල වුවන් විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධියෙන් තුවාල ලැබු සිව් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇති අතර තවත් පුද්ගලයකු මිහින්තලය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධියෙන් මන්ත්‍රීවරයාට ද සුළු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවෝ සියඹලාගස්වැව,කන්නනට්ටිය සහ කලත්තෑව පදිංචි අවුරුදු 20 ත් 25 ත් අතර වියේ පසුවන්නන්නෝය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න