තේරීම් කාරක සභාව අඩපණ කරන්න : පොහොට්ටු - ශ්‍රිලනිප මෙහෙයුමක් සූදානම් !

තේරීම් කාරක සභාව අඩපණ කරන්න : පොහොට්ටු - ශ්‍රිලනිප මෙහෙයුමක් සූදානම් !

මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය තුළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභාවට එරෙහිව අඛණ්ඩව විරෝධය පළකිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයකු මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු අමතා මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා ඇති අතර හෙට (18) පෙරවරුවේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධව කතා කරන්න ඔවුන් පොරොන්දු වී ඇති බවත් දැනගන්නට ඇත.

එහිදී ශ්‍රිලනිප ප්‍රබලයා වැඩිදුරටත් උපදෙස් දෙමින් පවසා ඇත්තේ පියවර කිහිපයක් ඔස්සේ මේ විරෝධය පළකල යුතු බවයි.

ඒ අනූව මෙම විශේෂ කාරක සභාව වහාම නතර කරන ලෙස කථානායක කරු ජයසූරිය වෙතින් ඉල්ලා සිටීමටත්, ඔහුගේ ප්‍රතිචාරය යහපත් නොවන්නේ නම්, අඛණ්ඩව විරෝධය පළකිරීමටත් ඒකබද්ධ විපක්‍ෂයේ සහය අපේක්ෂා කරන බව දන්වා ඇත.

මේ කටයුතු සදහා සහය ලබාදුනහොත් රාජපක්‍ෂවරුන් සම්බන්ධව සහනදායී ප්‍රතිපත්තියක් සහ අපේක්ෂිත සන්ධානය වෙනුවෙන් සැලකිය යුතු නම්‍යශීලීත්වයක් ජනාධිපති සිරිසේන වෙතින් දැක්වෙනු ඇති බවත් ඔහු පවසා ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය උණුසුම් ස්වභාවයක් ගනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න