ජනාධිපතිවරණය කල්දාන්න දෙන්නේ නෑ - ඇමති පාඨලී

ජනාධිපතිවරණය කල්දාන්න දෙන්නේ නෑ - ඇමති පාඨලී

මහ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වීම අවශ්‍ය වෙන බවත් කෙසේ වුවත් අද අනිවාර්යයෙන්ම තිබිය යුතු මැතිවරණය වන්නේ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ජනාධිපතිවරණය කිසිඳු ආකාරයකින් කල් දමන්න ඉඩ නොදෙන අතර එය ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු බවත් එසේම මහ මැතිවරණයත් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුව ඇතුවා මෙන්ම ඊට පිටතින් කටයුතු කරන්න පාර්ලිමේන්තුවටවත්, අධිකරණයටවත් ඉඩ තියන්නේ නැහැ යැයිද අමාත්‍යවරයා දැඩිව අවධාරණය කර සිටියි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ මහා සංඝරත්නය 600 නමක් විෂයෙහි අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අභියස පැවති සංඝත දක්ෂිණාවකට හා පිංකම් මාලාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ව්‍යවස්ථාව උල්ලංඝනය කර කර මේ රටේ ජනතාවගේ ධනය නාස්ති කිරීම රටට උචිත දෙයක් නොවන බවත් එබැවින් ඔක්තෝම්බර් 08 වෙනිදායින් පසුව ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුයි. නියම වශයෙන් තියන්න තිබුණේ පළාත් සභා මැතිවරණය නොයෙක් හේතු නිසා පවත්වන්න නොහැකි වුණා. ජනාධිපතිවරණයට රට සූදානම් කරගන්න ඕන" යනුවෙන්ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් තේරීම් කාරක සභාව පිළිබඳව ද අමාත්‍යවරයා අදහස් පළකරමින් කියා සිටියේ, විපක්ෂයේ, ආණ්ඩුවේ සියළු දෙනාගේ කැමැත්තෙන් තමයි ඔය කාරක සභා කමිටුව පත් කළේ. එහි අරමුණ වූයේ ජනතාවට තිබූ ප‍්‍රශ්නයක් නිරාකරණය කිරීමට අනතුරු ඇඟවීම් කර තිබියදී, පූර්ව සිදුවීම් ගණනාවක් ඇතිවී තිබියදී කොහොමද අපරාධය සිදු වුනේ, කවුද වග උත්තර කරුවන් කියා සොයා ගැනීමයි. තේරීම් කාරක සභාව කළ යුත්තේ කවුද වැරදි කියා හොයන එක නොවෙයි. කොහොමද වැරදුනේ කියා හොයන එක. මෙම ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම හා ඉදිරියේදී මෙවැනි ප‍්‍රහාර වලක්වා ගැනීමයි වගකීම. පුද්ගලයන් පසුපස හඹා නොයා යුතු බවය.

තවද, මේ රටේ වරිග සභාවලින්, ගජමිතුරන්ගෙන් ජනාධිපති තෝරණ යුගය මේ ජනාධිපතිවරණයෙන් නවත්වනවා. කුසලතා පූර්ණ 5 ශිෂ්‍යත්වය පාස් වෙච්ච, උසස් පෙළ පාස් වෙච්ච, වෘත්තීය අධ්‍යාපනය ඇති පිරිසක් අතට දේශපාලනය භාර කළ යුතුයි. එයට අවශ්‍ය මුල් පියවර අප තබනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න