ගෝඨාගේ නඩු කඩිනම් කරන්න : ශ්‍රීලනිපය තීන්දුවක් අරගෙන !

ගෝඨාගේ නඩු කඩිනම් කරන්න : ශ්‍රීලනිපය තීන්දුවක් අරගෙන !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට අදාළව විශේෂ මහාධිකරණවල පවරා ඇති නඩු ඉක්මනින් ඉක්මනින්ම කැඳවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේනට ඉතාම හිතවත්ව මාධ්‍ය හසුරවන සිරස රූපවාහිනිය මේ බව අනාවරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ යයි වාර්තා වන තොරතුරු නිසා එක් පියවරක් ලෙස මෙම කටයුත්ත සිදුකළ යුතු බව එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස සඳහන් කර ඇතැයි ද එහි කියැවින.

අධිකරණය කටයුත්තකට මැදිහත් විය නොහැකි වුවත් නඩු ඉක්මන් කරවීමට අවශ්‍ය පහසුකම් සැපයීම කඩිනමින් කළ යුතු යැයි ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තාවේ තවදුරටත් කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න