මෙරට මහා විහාර නායක හිමිවරුන් සිය පෞද්ගලික රුචි අරුචිකම් මත ප්‍රසිද්ධියේ පක්ෂ දේශපාලනයේ නොයෙදීම සම්ප්‍රදායක් වන නමුත් එකී සම්ප්‍රදාය කඩකර ප්‍රසිද්ධ දේශපාලන කතා පැවැත්වීමට අස්ගිරි පාර්ශවයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කටයුතු කර ඇත.
මේ බව තහවුරු වූයේ පසුගියදා පැවති පිංකමක් අවස්ථාවේය.
එහිදී වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි සදහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ පාලකයන් රටේ ජනතාවට ආදරේ නැති බවය.
තමන්ට නැතිවීමට දෙයක් මෙන්ම ඇතිවීමට දෙයක් ද නැති බවත් එහෙත් කෙළින් කතා කළයුතු බවත් පැවසූ එම හිමිනම මේ රට ආරක්ෂා කල යුතු බවත් සිංහල බෞද්ධ ජාතිය ආරක්ෂා කිරීම යුතුකම බවත් පවසා ඇත.
ඊයේ පෙරේදා තමන් හමුවට පැමිණි එජාප ප්‍රබලයෙකුට එක්සත් ජාතික පක්ෂයට ආයුෂ අවසන් බවත් ඊට යළිත් පණ දීමටවත් නොහැකි බවත් අවධාරණය කළ බවත් නායක හිමි සිය දේශපාලන අනුශාසනාවේදී පවසා තිබේ.
එම පිංකම දේශපාලන රැස්වීමක් බවට පත්කර ගනිමින් අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමි වැඩිදුරටත් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ වරදින් රට නැතිවූ බවත් පාට පක්ෂ භේද නොසලකා ඉදිරියේ දී ගතයුතු මග පෙන්වීමට තම පාර්ශවය සූදානම් බවය.
මධ්‍යතන යුගයේ පල්ලිය වගේ !
අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිගේ මේ දේශපාලන කතාව සම්බන්ධව අදහස් දැක්වූ දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ මේ වන විට ඇතැම් භික්ෂූන් දක්වන හැසිරීම විසින් යුරෝපයේ අඳුරු යුගය නොහොත් මධ්‍යතන යුගයේ පල්ලිය සිහිපත් වන බවය.
එහිදී පල්ලිය විසින් පාලක කුමාරයන් මෙහෙයවූ ආකාරයට පොදුජන පීඩනයන් සියල්ල ආගමික වළාවන්ගෙන් වසන, මූලික මිනිස් අයිතිවාසිකම් නොතකා ආගමික පදනමක් මත සියල්ල තීන්දු කිරීම වැනි තත්ත්වයක් මෙහිදී පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි.
රාජපක්ෂ රෙජීම සමයේ මීක් නෑ !
තවද රාජපක්ෂ රෙජීම පාලන සමයේ නුවර දළදා මාලිගාව ඉදිරියේ නයිට් කාර් රේස් පදින විට කිසිවක් නොවදාල මේ හිමිවරුන් අද රට විනාශයි කියන පදනම අපැහැදිලි බවත් ඒ තුළ ඇත්තේ නැවතත් රාජපක්ෂ රෙජීම පාලනයක් වෙනුවෙන් ජනතාව නොමග යැවීමක් බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.
මිනිසුන් සුදුවෑන් යොදා පැහැරගෙන ගොස් ඝාතනය කරන විට, ජංගම වදකාගාර රට පුරා ධාවනය වන විට ,ස්ත්‍රී දූෂණයට සහ මිනීමැරුම් චූදිතයන් රජ මැදුරේ ආරක්ෂාව යටතේ සිටින විට ඒ ගැන කිසිත් නොකීවේ ඇයිද යන්න ගැන ශ්‍රී ලාංකික පුරවැසි ප්‍රජාව සිතිය යුතු බවත් ඔවුන් පවසයි.
අනෙක් අතට එක් පක්ෂයක් සම්බන්ධව චෝදනා එල්ල කිරීම හේතුවෙන් අස්ගිරි පාර්ශවය ඒ හරහා අනෙක් පක්ෂ වෙත ප්‍රසිද්ධියේ සහය දැක්වීම ප්‍රදර්ශනය කරන බවත් එය මහ විහාර සම්බන්ධව ඇති ගෞරවය අපහරණය කරන දේශපාලන මැදිහත්වීමක් බවත් විචාරක මතය වී තිබේ.
හිට්ලර් පාලනයක් පැතූ අස්ගිරි පාර්ශවය !
තවද මීට පෙර අස්ගිරි පාර්ශවයේ වෙඬරුවේ උපාලි හිමියන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙතින් හිට්ලර් පාලනයක් පැතූ බවත් ඒ හරහා සිංහල බෞද්ධ රටක් ආරක්ෂා කරගැනීම කෙසේ වෙතත් බිහිසුණු පාලකයෙකු පතන ලෝකෝත්තර ජීවිතය වෙනුවට කුරිරු ලෞකික ජීවිතයක් වැළඳ ගනුලැබූ සසුනක් දර්ශනය වූ බවත් විචාරකයන් සිහිපත් කරයි.
මේ හමුවේ මිනිසුන් වඩාත් පියවි සිහියෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වෙනුවෙන් කැපවීම සහ ජාතික සාමය , අනෙකා ඉවසීම වැනි කාරණා කෙරෙහි වැඩි වැඩියෙන් යොමුවීම වැදගත් බව පෙන්වා දෙන දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ එසේ නොවුනහොත් රටේ පමණක් නොව එක් එක් පුරවැසි ජීවිත පවා දරුනු අවධානමකට පත්වීමේ බියකරු යුගයක් නිර්මාණය විය හැකි බවයි.

