ආදිවාසී නායකයත් ජනාධිපතිවරණයට ?

ආදිවාසී නායකයත් ජනාධිපතිවරණයට ?

ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදරිපත් වන්නැයි විවිධ පාර්ශවයන්ගෙන් තමාට ඉල්ලීම් ලැබී ඇතැයි දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තන් පවසා ඇතැයි වාර්තා වෙයි.

ඒ ඊයේ දිනයට (14) ට යෙදී තිබූ ආදිවාසී නයකයාගේ 72 වැනි ජන්ම දිනය අතර ඒ වෙනුවෙන් දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේදී ‍ බෞද්ධ ආගමික වැඩසටහන් වලට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී ඔහු පවසා ඇත්තේ ‘‘බෙහෝ අය උපන්දිනය සැමරීම සදහා මත්වතුර බී සාද පැවැත්වීම සිදුකරන නමුත් තමා දායක සභාවේ සභාපති ධුරය දරන මාවරගල ආරණ්‍ය සේනාසනයේදී සාමනේර හිමිවරු 95නමක් විෂයෙහි සපිරිකර දක්ෂිණාවක් පවත්වා රුක්රෝපණ වැඩසහටනකට සහභාගි වූ බවයි.

මෙම ආරණ්‍ය සේනාසන භූමියේ මීපැල 100 ක් සහ පළතුරු පැළ සිටුවන බවද වන්නියලැ ඇත්තන් සදහන් කර තිබේ.

අපේ රටේ ජනාධිපති සඳහා සුදුසු කවරෙක්දැයි විමසූ අවස්ථාවේ ආදිවාසී නායකයා පැවසුවේ රටට, සංස්කෘතිකයට හා පරිසරයට ආදරය කරන කෙනෙක් රටේ නායකයා වීම අත්‍යාවශ්‍ය බවයි.

එසේ නොවුන හොත් කිසිසේත්ම මෙම රට ගොඩනැගිය නොහැකි බව අවධාරණය කරමින් පැවසුවේ අද පාර්ලිමේන්තුව හා පාලකයන් පැන්සලට, මකට කෑල්ලට ගහගන්නා පුංචි ළමයි වගේ හැසිරිම නින්දා සහගත බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න